ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු පළාතේ 70315 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 16172ක්

    දෙසැම්බර් 28, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (28) මධ්‍යහන 12.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ගංවතුර ආපදාවට ලක් ව උතුරු පළාතේ පවුල් 19895ක පුද්ගලයින් 70315 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 82ක රඳවා ඇති පවුල් ගණන 4490ක් වන අතර එහි පුද්ගලයින් 16172 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 192ක 593 දෙනෙක් ද මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 442ක 1477 දෙනෙක් ද නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 858ක 2836 දෙනෙක් ද මාන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 208ක 692 දෙනෙක් ද මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 232ක 997 දෙනෙක් ද ඇතුළුව පවුල් 1932ක 6595 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5762ක 21031 දෙනෙක් ද සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2362ක 8524 දෙනෙක් ද වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 625ක 1922 දෙනෙක් ද වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 291ක 959 දෙනෙක් ද ඇතුළුව පවුල් 9040ක 32426 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු පළාතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කණ්ඩවාලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1301ක 4320 දෙනෙක් ද පච්චිලෙයිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 139ක 428 දෙනෙක් ද පුනරීන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 837ක 3323 දෙනෙක් ද කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2396ක 8835 දෙනෙක් ද ඇතුළුව පවුල් 4673ක 16906 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2151ක 6746 දෙනෙක් ද ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 160ක 656 දෙනෙක් ද තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 572ක 1626 දෙනෙක් ද මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 260ක 771 දෙනෙක් ද ජානක පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4ක 14 දෙනෙක් ද ඇතුළුව පවුල් 3147ක 9722 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1042ක 4512 දෙනෙක් ද චාවාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 61ක 144 දෙනෙක් දඇතුළුව පවුල් 1103ක 4656 දෙනෙක් අවතැන් ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya