ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නැඟෙනහිර පළාතේ 828212 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 48147ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) මධ්‍යහන 12.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ඇති වූ ගංවතුර නිසා නැඟෙනහිර පළාතේ පවුල් 228677ක පුද්ගලයින් 828212 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 174ක රඳවා ඇති පවුල් ගණන 14355ක් වන අතර එහි පුද්ගලයින් 48147 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මඩකළපුවේ මන්මුනෙයි උතුර ප්‍රා.ලේ. කොට්ඨාසයෙන් එක් මරණයක් ද අම්පාර නින්දවුර්, සම්මන්තුරේ සහ මහඔය ප්‍රා.ලේ. කොට්ඨාසවලින් එක් මරණයක් ද බැගින් මරණ 4ක් වාර්තා වේ. නිවාස 4197ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 9137කට අර්ධ හානි සිදුව තිබේ.

     

    නැඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 801ක 2958 දෙනෙක් ද තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 925ක 3348 දෙනෙක් ද සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1350ක 4657 දෙනෙක් ද කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 688ක 2452 දෙනෙක් ද මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2500ක 9250 දෙනෙක් ද කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2004ක 7558 දෙනෙක් ද වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3564ක 12765 දෙනෙක් ද කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 768ක 2908 දෙනෙක් ද මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 82ක 261 දෙනෙක් ද ඇතුළුව පවුල් 12682ක 46157 දෙනෙක් අවතැන් ව සිටිති.


    නැඟෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා කෝරළේ පත්තුව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7203ක 24985 දෙනෙක් ද කෝරළේ පත්තුව බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7298ක 26476 දෙනෙක් ද කෝරළේ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6733ක 22783 දෙනෙක් ද කෝරළේ පත්තුව මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7906ක 29497 දෙනෙක් ද කෝරළේ පත්තුව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7837ක 29879 දෙනෙක් ද එරාවුර් පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 14260ක 50491 දෙනෙක් ද එරාවුර් පත්තුව නගර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9503ක 33292 දෙනෙක් ද මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8791ක 30287 දෙනෙක් ද මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 16360ක 59454 දෙනෙක් ද  මන්මුනෙයි පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8194ක 28765 දෙනෙක් ද මන්මුනෙයි නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7770ක 26463 දෙනෙක් ද මන්මුනෙයි ගිනිකොන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 14291ක 50485 දෙනෙක් ද පෝරතිව් පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 12100ක 41101 දෙනෙක් ද කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9854ක 39921 දෙනෙක් ද ඇතුළුව පවුල් 138100ක 493879 දෙනෙක් අවතැන් ව සිටිති.
     
    නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා නිසා අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 252ක 880 දෙනෙක් ද නින්දවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7728ක 25664 දෙනෙක් ද අක්කරපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8465ක 33244 දෙනෙක් ද අලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5093ක 19738 දෙනෙක් ද කල්මුනේ දෙමළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7155ක 27803 දෙනෙක් ද සයින්දමරුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2734ක 13101 දෙනෙක් ද පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3819ක 14995 දෙනෙක් ද කාර්තිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4011ක 12952 දෙනෙක් ද සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3890ක 14350 දෙනෙක් ද උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 81ක 376 දෙනෙක් ද ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2073ක 8677 දෙනෙක් ද කල්මුනේ (මුස්ලිම්) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5045ක 18046 දෙනෙක් ද නවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6096ක 21169 දෙනෙක් ද දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 35ක 121 දෙනෙක් ද අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 9941ක 38174 දෙනෙක් ද ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2439ක 7685 දෙනෙක් ද මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 17ක 61 දෙනෙක් ද දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 234ක 1152 දෙනෙක් ද තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8710ක 29706 දෙනෙක් ද පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 77ක 272 දෙනෙක් ද ඇතුළුව පවුල් 77895ක 288176 දෙනෙක් අවතැන් ව සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya