ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඌව පළාතේ 11444 දෙනෙකු විපතට - ආරක්ෂිත මධ්‍යස්ථානවල 8116ක්

    දෙසැම්බර් 28, 2014

    අද (28) මධ්‍යහන 12.00 වනවිට පවතින අයහපත් කාලගුණය නිසා ඇති වූ නායයෑම්, ගංවතුර හා නායයෑමේ අවදානම නිසා ඌව පළාතේ පවුල් 3124ක පුද්ගලයින් 11444 දෙනෙකු ආපදාවට ලක් ව ඇත. ආරක්ෂිත මධ්‍යස්ථාන 67ක රඳවා ඇති පවුල් ගණන 2202ක් වන අතර එහි පුද්ගලයින් 8116 දෙනෙකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඌව පළාතේ බදුල්ල ප්‍රා.ලේ. කොට්ඨාසයෙන් මරණ 7ක් ද හාලිඇළ ප්‍රා.ලේ. කොට්ඨාසයෙන් මරණ7ක් ද අතුරුදහන් වූවන් 7ක් ද තුවාලකරුවන් දෙදෙනෙකු ද වාර්තා වේ. නිවාස 7ක් සම්පූර්ණයෙන් හානි වී ඇති අතර 110කට අර්ධ හානි සිදුව තිබේ.

     

    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම්, ගංවතුර හා නායයෑමේ අවදානම නිසා බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 372ක 1360 දෙනෙක් ද ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 127ක 284 දෙනෙක් ද පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 72ක 297 දෙනෙක් ද හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 476ක 1860 දෙනෙක් ද ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 57ක 157 දෙනෙක් ද රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32ක 107 දෙනෙක් ද කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 13ක 56 දෙනෙක් ද හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 121ක 546 දෙනෙක් ද වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 238ක 787දෙනෙක් ද බන්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 201ක 727 දෙනෙක් ද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 238ක 961 දෙනෙක් ද මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 776ක 2918 දෙනෙක් ද ඇතුළුව පවුල් 2723ක 10060 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගංවතුර, දැඩිසුළඟ සහ දැඩි වර්ෂාව නිසා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 266ක 881 දෙනෙක් ද සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30ක 102 දෙනෙක් ද බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7ක 28 දෙනෙක් ද මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 46ක 182 දෙනෙක් ද මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 29ක 110 දෙනෙක් ද මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23ක 81 දෙනෙක් ද ඇතුළුව පවුල් 3124ක 11444 දෙනෙක් අවතැන් ව සිටිති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya