ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුරෙන් විපතට පත් ජනතාවට යුද හමුදාව වෙතින් ආපදා සහන සැලසුම් මධ්‍යස්ථානයක්

    දෙසැම්බර් 29, 2014
    පසුගිය දිනවල බලපෑ දැඩි වර්ෂාව හේතුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බල ප්‍රදේශයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වී ආපදා තත්ත්වයට පත්ව ඇත. එම ප්‍රදේශයේ පීඩාවට පත් සිවිල් ජනතාව වෙනුවෙන් වඩා ක්‍රමවත්ව සහන කටයුතු සැලසීම උදෙසා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ආපදා සහන සැලසුම් මධ්‍යස්ථානයක් ඉදිරි නඩත්තු ප්‍රදේශය (නැගෙනහිර) - මින්නේරිය හි පසුගිය 27 දින සිට ස්ථාපිත කර ඇත.
     
    පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යම් පරිත්‍යාගයන් සිදුකිරීමට අදහස් කරන පරිත්‍යාගශීලීන් / ආයතනයන් හට දුරකතන අංක 0273281919 / 0273274944, ෆැක්ස් අංක - 0272246869 ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැක. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya