ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ත‍්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමය හඳුන්වා දීම

    දෙසැම්බර් 29, 2014
    අයවැය යෝජනාවල සඳහන් පරිදි කනංකේ ප‍්‍රදේශයේ ත‍්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමය හඳුන්වා දීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කනංකේ ආයුර්වේද මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.
     
    මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා, උතුරේ හමුදා කඳවුරු 50%කින් අඩු කරන ලෙස ඉල්ලා අපේ රට නැවතත් ත‍්‍රස්තවාදී උවදුරකට ඇද දමන්නට ඇතැමුන් සූදානම් වෙනවා. නායකයෙක් ලෙස සැලකීමට නම් එම නායකයාට රට ආරක්ෂා කර ගැනීමටත් ජනතාවට ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් ගොඩනැගීමටත් හැකි විය යුතුයි. ඇතැමුන් පටු අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා. යුද සමයේ දී විවිධ රටවල බලපෑම් හමුවේ ඒවාට නොසැලී ශක්තිමත් නායකයෙකු ලෙස ත‍්‍රස්තවාදයට තිත තැබුවේ අපේ ජනාධිපතිතුමායි. 
     
    ත‍්‍රස්තවාදය නිසා අපේ සාමාන්‍ය ජන ජීවිතය කඩා වැටුණු අඳුරු යුගය අපට අමතක නැහැ. නොසිතූ මොහොතක ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවන රටාව අවුල් වුණු යුගය අප සිහිපත් කරන්නේ අකමැත්තෙන්. බොහෝ දේශපාලඥයන්ට කාලය කැප කරන්නට සිදු  වූයේ යුද්ධයෙන් මියගිය අයගේ අවමඟුල්වලට සහභාගී වීම සඳහායි. මෙවැනි තත්ත්වයන් පසුකර කඩිනම් මාර්ග සංවර්ධයක් සිදුවන පොදු පහසුකම් දියුණු කරන යුගයක අප දැන් ජීවත් වෙනවා. එම සාමකාමී යුගය සහ දීප්තිමත් අනාගතය නැති කර ගැනීමට ජනතාව සූදානම් නැති බව ද ඔහු සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya