මුල්ලිකුලම්, කරදක්කුලි සහ දකුණු මරිච්චිකට්ටි ඇතුළු මුසලි කොට්ඨාසයේ විපතට පත් විශාල පිරිසක් මෙම වෛද්‍ය සායනයෙන් ප්‍රතිලාභ ලබා ගත්හ. වයඹ නාවික බලඇණියේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වයෙන් මෙම සායනය පැවැත්විණි.
SDF

අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා වයඹ නාවික බලඇණිය මඟින් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් මන්නාරම් මුල්ලිකුලම් රෝමාණු කතෝලික දෙමළ මිශ්‍ර පාසලේ දී පසුගියදා (28) පැවැත්විණි. වයඹ පළාත් නාවික ප්‍රදේශ සඳහා අණ දෙන නිලධාරී රියාර් අද්මිරාල් සරත් මෙහොට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වෛද්‍ය සායනය සංවිධානය කර තිබුණි.