ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වියළි කලාපයේ කොටවෙහෙර රබර් වගා කිරීමේ වැඩසටහනක්

    දෙසැම්බර් 30, 2014

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙත් කලාපයේ රබර් වගා කෙරෙන ප්‍රදේශ හැරුණු විට වියළි කලාපයට අයත් ප්‍රදේශවල ද රබර් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ රබර් සංවර්ධන නිලධාරී එච්.ඒ. තිලකරත්න මහතා පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ප්‍රකාශ කළේය.

    2013 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ අක්කර 9 1/2ක රබර් වගා කර ඇති අතර ඒ සඳහා පාළු පැළ ද මේ වසරේ නිකුත් කර ඇත.

     

    මෙම වැඩසටහන යටතේ 2014 වර්ෂයේ රබර් වගාව සඳහා අයදුම්පත් 76ක් ලැබී ඇති අතර එයින් ඉඩම් 59ක පස පරීක්ෂා කිරීම රබර් පර්යේෂණායතනයෙන් සිදු කර ඇති අතර එයින් ඉඩම් 26ක් රබර් වගාවට සුදුසු බැවින් ඒ සඳහා රබර් පැළ නිකුත් කර ඇති බවත් එච්.ඒ. තිලකරත්න මහතා වැඩිදුටත් පැවසීය.

     

    රබර් වගාවෙන් වැඩි ම ආදායමක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබෙන අතර වියළි කලාපයට මෙම වගාවෙන් ‍හොඳ ආදායමක් ලබා ගත හැකි බවත් පරිසර හිතකාමී වනාන්තරයක් ලෙස ස්ථිර ව පවත්වාගෙන යා හැකි ලාභදායි මෙම වගාවෙන් සාමාන්‍යයෙන් අක්කරයකින් රු. 40,000ක පමණ ආදායමක් ලබා ගත හැකි බවත් තිලකරත්න මහතා පැවසීය.

    MAP/ak_dmu_kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya