ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීම - 2014 දෙසැම්බර්

    ජනවාරි 01, 2015
    2014 දෙසැම්බර් මාසය තුළ දී බැංකු සහ මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් මූල්‍ය අංශය ඒකාබද්ධකරණ ක‍්‍රියාවලියේ තවදුරටත් ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
     
    මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ‍්‍රී ලංකා පීඑල්සී, එම්සීඑස්එල් ෆිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් සහ එම්බීඑස්එල් සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් අතර ඒකාබද්ධ වීම අවසන් අදියරට ළඟා වූ අතර එය නුදුරු දිනක දී සිදුවීමට නියමිතය. මෙලෙස ඒකාබද්ධ වූ ආයතනය ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස ක‍්‍රියාත්මක වනු ඇත.
     
    බැංකු ති‍්‍රත්වයක් එනම්, ඩීඑෆ්සීසී බැංකුව, නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී සහ ඩිඑෆ්සීසී වර්ධන බෑන්ක් පීඑල්සී, ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන ඩීඑෆ්සීසී බැංකුවෙ හි සාංගමික ව්‍යවස්ථාවලිය සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. ඒකාබද්ධ වීම සාර්ථක අයුරින් සිදුකිරීම සඳහා මෙම බැංකු ඔවුන් විසින් පත්කරන ලද අභ්‍යන්තර කමිටු හරහා සමීපව කටයුතු කරමින් සිටිනු ඇත.
     
    තවද මුදල් අමාත්‍යාංශය මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක‍්‍රියාවලිය යටතේ සිදුවන ඒකාබද්ධවීම් සහ අත්පත්කර ගැනීම්වල දී නිකුත් කරන කොටස් සහතික සඳහා අදාළ මුද්දර ගාස්තු නිදහස් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
     
    ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ස්ථාවර සහ ලාභදායී මට්ටමකට ගෙන ඒමෙහි අරමුණෙන් ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල උපයෝගී කර ගනිමින්, එම සමාගම වෙත දිගුකාලීන ණය මුදලක් සහනදායී කොන්දේසි යටතේ ප‍්‍රදානය කරන ලද බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya