ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණයෙන් කෑගල්ලේ නිවාස 243ක් විනාශ වේ

    ජනවාරි 02, 2015
    කෑගල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 243ක් හානියට පත්ව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත් මහතා පවසයි.
     
    මහේන්ද්‍ර ජගත් මහතා වැඩිදුරටත්  සඳහන් කරන්නේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 515 පුද්ගලයන් 2029 දෙනෙකු විපතට පත් ව ඇති බවය.
     
    මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ නිවාස 243ක් විනාශයට පත් ව තිබේ. ඉන් නිවාස 37ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ වශයෙන් හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 206කි.
     
    හානියට පත්ව ඇති සියලු නිවාස ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ මඟපෙන්වීම හා උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉදි කෙරෙන බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    ආපදා තත්ත්වයට පත් ප්‍රජාව සඳහා වියළි ආහාර, පොත්පත් සහ උපකරණ ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ක්‍රියාත්මක කර ඇත.
     
    එහිදී විපතට පත් පවුල් සඳහා අවශ්‍ය උපකරණ, වියළි ආහාර මෙන් ම පාසල් දරුදැරියන් සඳහා පොත්පත් සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම පසුගිය දා රඹුක්කන දී කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සිදු විය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya