ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    ජනවාරි 03, 2015

    අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III වැනි පන්තියේ ව්‍යාප්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 හි ප්‍රතිඵල පසුගියදා නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    අදාළ විභාග ප්‍රතිඵල අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, පේරාදෙණිය වෙත නිකුත් කර ඇත.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන නිලධාරී II වැනි ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2013(2014) හි ප්‍රතිඵල ද පසුගියදා ගොවිජන සංවර්ධන කොමසාරිස්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අංක 42, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත, තැ.පෙ. 537, කොළඹ 07 වෙත නිකුත් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya