ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව වසර උදාවන විට රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට වාර්තාගත ආදායමක්

    ජනවාරි 02, 2015

    වසර 43ක සංස්ථා ඉතිහාසය තුළ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව පසුගිය දෙසැම්බර් මාසය තුළ ලක්ෂ 6770ක වාර්තාගත විකුණුම් ආදායමක් සනිටුහන් කිරීමට සමත් වූ බව රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති / කළමණාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් ගුණවර්ධන මහතා පවසයි. 

    තවද මෙය සියයට තුන්සියයක මාසික විකුණුම් වර්ධකයක් බවත් පසුගිය කාලසීමාව තුළ සංස්ථාව මාසිකව ලක්ෂ 250ත් 400ත් අතර ඉලක්කයන් සපුරමින් සිටි අතර සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව මත පළමු වරට මෙවැනි වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකි වූ බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.

     

    සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) පෙරවරුවේ නව වසරේ වැඩ ආරම්භ කරමින් පැවැත්වූ උත්සව අවස්ථාවට සම්බන්ධ වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා පවසා සිටියේ 2014 වසරේ අවසානය වන විට ලක්ෂ 31,000ක වාර්තාගත ආදායමක් ලබා ඇති බවයි. ඒ අනුව මසකට වැඩිම අලෙවි ඉලක්කයක් හා ලාභයක් සපුරා ගැනීමට ඉදිකිරීම් හා ගෘහ උපකරණ අංශය, තොරතුරු තාක්ෂණ ආශ්‍රිත උපකරණ අංශය, විදුලි හා විද්‍යුත් උපාංග අංශය, කාර්යාලයීය ලිපිද්‍රව්‍ය අංශය ඇතුළු රාජ්‍ය වාණිජ (විවිධ) සංස්ථාවේ සියලුම අංශවල අලෙවිය පසුගිය කාලසීමාව තුළ වේගයෙන් වර්ධනය වී ඇති බව යි.


    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමඟින් සම්බන්ධ වන ගැණුම්කරුවන් වෙත විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා සැපයීම මෙන්ම අවශ්‍ය කරන සියලුම පහසුකම් සපුරමින් සේවය සළසන බවද සභාපතිවරයා පැවසීය.
     

    විශේෂයෙන්ම කොළඹ නවම් මාවත, කුරුණෑගල, නුවර, අනුරාධපුරය, යාපනය, මාතර ඇතුළු සියලුම අලෙවි ප්‍රදර්ශනාගාරවල මෙන්ම ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම නිසා ඉතා කෙටි කාලයක් තුළ මෙම අලෙවි ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවූ බවද සභාපතිවරයා පැවසීය.

     

    මේ සියලුම ඉලක්කයන් හා ජයග්‍රහණ සපුරා ගැනීමේදී රාජ්‍ය අනුග්‍රහය හා අවශ්‍ය මඟපන්වීම ලබා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සභාපතිවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළ අතර  සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා වෙතද සිය ස්තූතිය පළ කළේය.

     

    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී පැරකුම් විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන උපාලි අබේසේකර, එස්.එම්.යූ.එස්. කෝරලේගෙදර, සුමිල් විජයසිරි, සහකාර සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ, මුදල් කළමණාකරු මෙරිල් නෝනිස් මහත්ම මහත්මීහු ඇතුළු ආයතන කළමණාකාරීත්වය සේවක මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya