ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බස් රථ සේවකයන්ට හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ

    ජනවාරි 03, 2015

    අන්තර් පළාත් හෙවත් දුර ගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සේවකයන් සඳහා හදිසි අනතුරු රක්ෂණාවරණයක් නොමිලේ ලබා දීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 5ක් වේ.


    'මඟ සුමිතුරු' නමින් හඳුන්වා දී ඇති මේ රක්ෂාවරණය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි බස් රථ 3,200ක සියලු ම මගී ප්‍රවාහන රියැදුරන් හා කොන්දොස්තරවරු සුදුසුකම් ලබා සිටිති.

    මේ යටතේ හදිසි අනතුරක් හේතුකොටගෙන රක්ෂිතයාගේ ජීවිතය අහිමිවීම, දෑස් සදහටම අන්ධවීම, රක්ෂිතයාගේ අත්දෙකම, පාද දෙකම හෝ එක් අතක්, පාදයක් අහිමි වුවහොත් මුළු රක්ෂිතාවරණයම ගෙවීමටත් ඉන් මෙහා අනතුරකදී අනතුරේ ප්‍රමාණය අනුව ගෙවීම් කිරීම ද සිදු කෙරේ. අසාධ්‍ය රෝග තත්ත්වයකදී වසරකට රුපියල් ලක්ෂ 2ක් දක්වා ආවරණයක්ද රෝහල් ගත වන (රජයේ) අවස්ථාවකදී දිනකට රුපියල් 1,000ක් බැගින් උපරිම දින 50ක් දක්වා ගෙවීමක්ද මේ යටතේ සිදු කෙරේ. මීට සමගාමීව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සේවක සේවිකාවන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්ෂ 2ක් වටිනා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීමට සැලැසුම් කර ඇති බවද කොමිෂන් සභාව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya