ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්

    ජනවාරි 05, 2015

    ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු ම පාසල්වලට ජනවාරි 07, 08 සහ 09 යන දිනයන් හි නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 

    ජනාධිපතිවරණයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් වන්නේ, 

    කොළඹ දිස්ත්‍රික්කයේ රාජකීය විද්‍යාලය හා ඩී.එස්. සේනානායක විද්‍යාලය, 

    ගම්පහ දිස්ත්‍රික්කයේ පත්තලගෙදර විද්‍යාලෝක විද්‍යාලය, 

    කළුතර දිස්ත්‍රික්කයේ දෙදියවල මියුසියස් විද්‍යාලය, 

    මහනුවර දිස්ත්‍රික්කයේ ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා හේමමාලී බාලිකා විද්‍යාලය, 

    මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු දේව විද්‍යාලය, 
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගාමිණී ජාතික පාසල, 
    ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී හෘද කන්‍යාරාමය, 
    මාතර දිස්ත්‍රික්කයේ සුජාතා බාලිකා විද්‍යාලය, 
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුචි ජාතික පාසල, 
    යාපනය දිස්ත්‍රික්කයේ මධ්‍ය මහා විද්‍යාලය, 
    මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් මහා විද්‍යාලය, 
    මඩකළපුව දිස්ත්‍රික්කයේ මඩකළපුව හින්දු විද්‍යාලය, 
    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විපුලානන්ද මහා විද්‍යාලය, 
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ මලියදේව පිරිමි විද්‍යාලය, මලියදේව බාලිකා විද්‍යාලය, සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, 
    පුත්තලම දිස්ත්‍රික්කයේ සෙයිනබ් බාලිකා විද්‍යාලය, ෆාතිමා බාලිකා විද්‍යාලය හා ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය, 

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, 
    බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය, විහාරමහා දේවී බාලිකා විද්‍යාලය, 
    මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල රාජකීය විද්‍යාලය, 
    කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල බාලිකා විද්‍යාලය, ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය.

    මෙසේ ජනාධිපතිවරණය වෙනුවෙන් වසා තබන සියලු ම පාසල් නැවත ජනවාරි 12 වැනිදා ආරම්භ වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya