ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ධීවර අමාත්‍යාංශයේ අභිනවයෙන් ඉදි වූ ශරීර සුවතා මධ්‍යස්ථානය විවෘත වේ

    ජනවාරි 06, 2015

    මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහිකිරීමේ අරමුණ ඇති ව රටපුරා ක්‍රියාත්මක වන ශරීර සුවතා මධ්‍යස්ථාන ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඉදිකරන ලද ශරීර සුවතා මධ්‍යස්ථානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අතින් ඊයේ (05) විවෘත විය.

     
    සියලු නවීන ව්‍යායාම උපකරණවලින් යුක්ත වන මෙම ශරීර සුවතා මධ්‍යස්ථානය ඉදිකිරීමට හා ව්‍යායාම උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි තිස්පන් ලක‍්ෂ තිස්හයදස් පන්සිය හතලිස් පහක් (රු. 13,536,545.00) වැය කොට ඇත.  
     
    මෙම මධ්‍යස්ථානය විවෘත කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, වත්මන් රජය ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් රාජ්‍ය සේවයට අහිමි ව තිබූ මෙවැනි ශරීර සුවතා මධ්‍යස්ථාන ඉදිකරමින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම වත්මන් ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේ පැතුම බවත් එම නිසා මෙම මධ්‍යස්ථානය ප්‍රයෝජනයට ගෙන ඒ තුළින් ලබා ගත හැකි උපරිම සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
     
    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමා ඇතුළු සියලු ම නිලධාරීහු හා සේවක සේවිකාවෝ සහභාගී වූහ.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya