ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ICTAD ආයතනය රුපියල් මිලියන 45ක වාර්තාගත ලාබයක් ලබයි

    ජනවාරි 06, 2015
    ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) රුපියල් මිලියන 45ක් ලාබ ලබයි. 
     
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානත ම රාජ්‍ය ආයතනයක් වන ICTAD ආයතනය පිහිටුවනු ලැබුවේ 1986 වර්ෂයේ දී ය. 1986 වසරේ සිට 2012 වසර දක්වා ICTAD ආයතනය මූල්‍යමය වශයෙන් ලාබ උපයා නොමැත. එම ආයතනය විසින් ක්‍රියාත්මක කරන පුහුණු වැඩසටහන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමනය ආදී කටයුතු සඳහා රජයේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 20ක පමණ පාඩුවක් වාර්ෂිකව 2012 වර්ෂය දක්වා  අඛණ්ඩව ලබා තිබේ.  
     
    නමුත් 2013 වර්ෂය දක්වා ICTAD ආයතනය වාර්ෂික ව අඛණ්ඩව ලැබූ රුපියල් මිලියන 20ක පාඩුව ද  නැතිකිරීමට කටයුතු කර ඇති  අතර 2014  වර්ෂයේ දී එම ආයතනය රුපියල් මිලියන 25ක ලාබයක් ද උපයා ගැනීමට සමත්ව සිටී.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස්, මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ICTAD ආයතනයට මෙසේ වාර්තාගත ඉහළ ලාබයක් උපයාගත හැකි විය.
     
    අමාත්‍යවරයාගේ නායකත්වය යටතේ මහාභිමානී වැනි නවතම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකිවූ අතර තවද ICTAD ආයතනයේ සියලු ම අංශවල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම තුළින් මෙම ප්‍රගතිය ලබාගැනීමට හැකි වී තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya