ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පොලොන්නරුවත් ජනාධිපතිවරණයට සූදානම්

    ජනවාරි 06, 2015
    මෙවර ජනාධිපතිවරණයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 307,125 දෙනෙකු ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
     
    මොවුන් අතුරින් තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 14,213කි. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 288ක් ක්‍රියාත්මක කෙරෙන බවත් පොලොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය යන ප්‍රදේශ 03 තුළ මේ ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථාන පිහිටුවනු ඇත.
     
    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 31කි. ඉන් තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගණන 08ක් වේ. ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය මෙවරත් පිහිටුවනු ලබන්නේ පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨයේ බව ද ඔහු සඳහන් කළේය.
     
    NDH/WK-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya