ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2014 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් රැසකින් ශ්‍රී ලංකාවේ මට්ටම ඉහළට

    ජනවාරි 07, 2015
    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළ දියුණුවක් අත්කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
     
    ඒ අනුව නීතියේ ආධිපත්‍යය පිළිබඳ දර්ශකය - 2014ට අනුව දකුණු ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ ද, ආසියා පැසිෆික් රටවල් අතරින් 10වැනි ස්ථානයේ ද ගෝලීය රටවල් 99ක් අතරින් 48වැනි ස්ථානයේ ද පසු වේ.
     
    ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය - 2014ට අනුව දකුණු ආසියාවෙන් පළමු ස්ථානයේ ද, ආසියා පැසිෆික් රටවල් අතරින් 17වැනි ස්ථානයේ ද ගෝලීය රටවල් 178ක් අතරින් 90වැනි ස්ථානයේ ද පසු වේ.
     
    ගෝලීය සෞභාග්‍යතා දර්ශකය - 2014ට අනුව දකුණු ආසියාවෙන් පළමු ස්ථානය, ආසියා පැසිෆික් කාලයෙන් 15වැනි ස්ථානය හා ගෝලීය වශයෙන් රටවල් 142ක් අතුරින් 62වන ස්ථානයේත් පසු වේ.
     
    ව්‍යාපාර කිරීම පිළිබඳ පහසුව පිළිබඳ දර්ශකය - 2015ට අනුව ආසියානු කලාපයෙන් පළමු ස්ථානයේද, 
    ආසියානු පැසිෆික් කලාපයේ 21වන ස්ථානයේ ද පසුවන ශ්‍රී ලංකාව ගෝලීය අවශයෙන් ගත් කළ රටවල් 189ක් අතරින් 99වන ස්ථානය හිමිකරගෙන ඇත.
     
    මානව සංවර්ධන දර්ශකය - 2013ට අනුව ආසියානු කලාපයෙන් පළමු ස්ථානයේ ද, ආසියානු පැසිෆික් 
    කලාපයේ 10වැනි ස්ථානයේ ද පසුවන ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් රටවල් 187ක් අතරින් 73වන ස්ථානය ද හිමිකරගෙන ඇත.
     
    ගෝලීය තරගකාරීත්ව දර්ශකය - 2014ට අනුව දකුණු ආසියානු කලාපයෙන් දෙවන ස්ථානයේ ද, ආසියානු පැසිෆික් කලාපයේ 17වන ස්ථානය ද, ගෝලීය වශයෙන් රටවල් 144ක් අතරින් 73වන ස්ථානය ද ලබාගෙන තිබේ.
     
    දූෂණ සංජානන දර්ශකය - 2014 ට අනුව ලංකාව දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය ද, ආසියානු පැසිෆික් කලාපයේ 17වන ස්ථානය ද, රටවල් 114ක් අතරින් ගෝලීය වශයෙන් 85වන ස්ථානය ද ලබා ඇත.
     
    ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, අසර්බයිජානය, බංග්ලාදේශය, භූතානය, බෘනායි, බුරුමය, කාම්බෝජය, චීනය, ෆීජි, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්ථානය, කිරිබති, කිර්ගිස් ජනරජය, ලාඕසය, මැලේසියාව, මාල දිවයින්, මයික්‍රොනේසියාව, මොංගෝලියාව, නේපාලය, නවසීලන්තය, උතුරු කොරියාව, පාකිස්ථානය, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, සැමෝවා, සිංගප්පූරුව, සොලමන් දූපත්, කොරියාව, තායිවානය, ටජිකිස්ථානය, තායිලන්තය, ටීමෝ- ලෙසෝතෝ, ටොංගා, ටර්ක්මිනිස්තානය, වනවාටු, වියට්නාම් ආදී රටවල් 45ක් ආසියානු පැසිෆික් කලාපයට අයත් වේ.
     
    ප්‍රතිපත්ති පෙර දැක්ම - ශ්‍රී ලංකා මහ බැංකුව
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya