ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සංචාරකයන්ගේ පැමිණීම 16.1%කින් ඉහළට

    ජනවාරි 07, 2015
    ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 16.1%කින් ඉහළ ගොස් තිබේ. 
     
    පසුගිය 2013 වර්ෂයට සාපේක්ෂ ව 2014 වර්ෂය අවසන් වන විට මේ වර්ධනය පෙන්නුම් කර තිබෙන අතර 2013 වර්ෂය අවසාන වන විට විදේශීය සංචාරකයන් 1,274,593 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඊට සාපේක්ෂ ව 2014 වර්ෂය අවසන් වන විට සංචාරකයන් 1,527,153 දෙනකු මෙරටට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
     
    පසුගිය 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව 2014 වසරේ දෙසැම්බර් මාසයේ දී ද විදේශීය සංචාරකයන්ගේ පැමිණීමෙහි වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 153,918 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බවද ඊට සාපේක්ෂව 2014 වසරේ එම මාසයේ දී විදේශීය සංචාරකයන් 178,672 දෙනෙකු ද පැමිණ ඇත.
     
    එළැඹෙන 2016 වනවිට ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මඟ පෙන්වීම දැනටමත් සිදුකරගෙන යන බවද අවශ්‍ය ඉලක්කය කරා ළඟාවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විශ්වාසය පළ කරයි.
     
    පසුගිය 2014 වසරේ ගතවූ සෑම මාසයක දී ම පෙර වසරේ අදාළ මාසයට සාපේක්ෂව විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර 2013 වසරේ දී මෙරටට පැමිණ තිබෙන විදේශීය සංචාරකයන්ගේ සමස්ත සංඛ්‍යාව 1,274,593කි.
     
    පසුගිය 2014 වසරේ දී බටහිර යුරෝපීය රටවල සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය 2013 වර්ෂයට සාපේක්ෂ ව විශාල වර්ධනයකි. ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව වැනි රටවලින් කැපී පෙනෙන සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya