ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ ජනපතිවරණ ඡන්දය ඉතා සාමකාමී ව

    ජනවාරි 08, 2015

    යාපනය දිස්ත්‍රික්කයේ ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ජනතාව දැඩි උනන්දුවකින් ඡන්ද පොළ මධ්‍යස්ථාන වෙත පැමිණෙන බවත් යාපනය දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    අද (08) උදෑසන 7.00ට ඡන්ද පොළ මධ්‍යස්ථාන සියල්ලෙහි ම ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී තිබේ. ඉතා සාමකාමීව ඡන්ද පොළ වෙත පැමිණෙන ජනතාව සිය මනාපය ප්‍රකාශ කරනු දැකගත හැකි විය.

     

    යාපනය දිස්ත්‍රික්කයේ සෑම හතර දෙනෙකුගෙන් දෙදෙනෙකු ම මෙවර මැතිවරණයේ දී ඡන්දය දැමීමම සුදුසුකම් ලබා ඇති අතර එය 450132ක් වේ. ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 526ක් ක්‍රියාත්මක වේ.

     

    කිසිවෙකුගේ බලපෑමකින් තොර ව ජනාධිපතිවරණයට සිය ඡන්දය භාවිත කිරීමට ජනතාව පෙළ ගැසී සිටින බව නිරීක්ෂණය කළ බව යාපනය තේරීම් භාර නිලධාරී සුන්දරම් අරුමෙයිනායගම් මහතා පැවසීය.

     

    PS_dmu_jaffna

    jaffna presidential election 1

     

    jaffna presidential election 2

     

    jaffna presidential election 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya