ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශේෂ පත‍්‍රය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවමින් මහජන බැංකුවෙන් තවත් වාර්තාවක්

    ජනවාරි 12, 2015
    2014 යුරෝපීය සම්මාන උළෙලේදී ‘වසරේ බැංකුව’ සම්මානය, 2014 ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේදී ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සමූහය’ සහ ‘වඩාත්ම තිරසාර බැංකුව’ සම්මාන සමඟ, දිවයින පුරා පැතිරුණ 739කට අධික ශාඛා ජාලය, රුපියල් බිලියන 300කට අධික තැන්පතු සහ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය පේ‍්‍රෂණ සමඟින් ශ‍්‍රී ලංකාවේ විශාලත ම තැන්පතු පදනම් අතුරින් එකක් බවට මහජන බැංකුව පත්වී ඇත.
    පසුගිය 2014 වසර මහජන බැංකුවට ජයග‍්‍රහණවලින් සපිරි, සාර්ථක වසරක් විය. එය මීට දශක පහකට පෙර සැබෑම ජනතා බැංකුවක් බවට පත්වීමේ අරමුණ පෙරදැරිව ආරම්භ වූ මහජන බැංකුවේ ඉදිරි ගමනේ තවත් සන්ධිස්ථාන රැසක එකතුවක් ලෙස හැඳින්විය හැක.
     
    වාර්තා රැසක් සමඟින් නිමාව දුටු පසුගිය වසරේ මහජන බැංකුවේ ශේෂ පත‍්‍රය රුපියල් ටි‍්‍රලියනයක් ලෙස සනිටුහන් වූ අතර සෑම අංශයකින්ම සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය.
     
    එම වසරේ  SLIM-Nielsen Peoples Awards හි ‘වසරේ සේවා සන්නාමය’ සහ ‘වසරේ හොඳම බැංකුකරණ සේවා සම්පාදකයා’ සම්මාන අඛණ්ඩව 8 වැනි වරටත් හිමිකරගැනීමට බැංකුව සමත් විය. ඊට අමතරව 2014 යුරෝපීය සම්මාන උළෙලේදී ‘වසරේ බැංකුව’ සම්මානය සහ 2014 ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන උළෙලේදී ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සමූහය’ සහ ‘වඩාත්ම තිරසාර බැංකුව’ සම්මාන හිමිකරගත් එය මේ වන විට සැබෑම ජනතා බැංකුවක් ලෙසින් සාම්ප‍්‍රදායික බැංකුකරණයේ සීමා මායිම් ඉක්මවා යමින් ශ‍්‍රී ලංකාව ආසියානු කලාපයේ ශක්තිමත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටියි.
     
    රටේ සහ එහි ජනතාවගේ සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා දක්වන මෙම දායකත්වය බෙහෙවින් තීරණාත්මක බව මහජන බැංකුවේ අදහස වේ. බැංකුව මෙය සලකන්නේ ඉතාමත් භාරදූර වගකීමක් ලෙසිනි. රාජ්‍ය බැංකුවක් තම පාර්ශවකරුවන් වෙතින් දිනා සිටින විශ්වාසය අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු වේ. 
     
    ඒ සඳහා එය දිගින් දිගට ම ජනතාවට සමීප වී කටයුතු කරමින්, ජනතාව සවිබල ගන්වමින්, තරගකාරී හා ස්වාධීන බැංකුවක් ලෙස ඉදිරියට යා යුතු ය. එසේ ඉදිරියට යන මහජන බැංකුව 2014දී තම ශේෂ පත‍්‍රය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවීම සහ ෆිච් ශ්‍රේණිගත කිරීම්වලදී (Fitch Ratings)  AA+ ශ්‍රේණිය හිමිවීම යන ඉතාමත් සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් විය. මේ ජයග‍්‍රහණ සියල්ල, මහජන බැංකුව සිය මෙහෙයුම්වලදී අනුගමනය කළ සුවිශේෂි පියවර රැසක ප‍්‍රතිඵල ලෙස හැඳින්විය හැක.
     
    ශාඛා ගණන 739 ඉක්මවමින් රටේ පුළුල්තම ශාඛා ජාලය හිමි බැංකුව බවට පත්වීම, රට පුරා පිහිටුවා ඇති 2,500කට අධික ATM යන්ත‍්‍ර සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව, 11,000කට අධික අති දක්ෂ කාර්ය මණ්ඩලයක් සිටීම ආදිය මහජන බැංකුවේ සාර්ථකත්වයේ මූලිකාංග ලෙස දැක්විය හැකි වේ. 
     
    විදේශීය බැංකු සමඟ ඇති කර ගෙන ඇති සම්බන්ධතා ඔස්සේ රටවල් 110කට ආසන්න ප‍්‍රමාණයකට සේවාවන් ව්‍යාප්ත කිරීමට මහජන බැංකුවට හැකි වී ඇත. ඒ නිසා ගනුදෙනුකරුවන්ට ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන් හිදීත්  ඕනෑම තැනක සිට මහජන බැංකුව සමඟ සම්බන්ධ විය හැකි වේ. රුපියල් බිලියන 300ක් ඉක්මවූ තැන්පතු සමඟින් විශාලතම තැන්පතු පදනමට හිමිකම් කියමින් තවත් වාර්තාවක් පිහිටුවීමට එයට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසාවෙනි. එමෙන්ම මිලියනයකට අධික විදේශගත ශ‍්‍රී ලාංකීකයන් පිරිසකට සේවා සලසමින් 2014 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ පේ‍්‍රෂණ ප‍්‍රමාණයක් වාර්තා කිරීමට ද බැංකුව සමත් විය.
     
    කෙසේ වුවද වාර්තා පිහිටුවීම වෙනුවට වඩාත් වැදගත් වන්නේ සැබෑම ජනතාවගේ බැංකුවක් ලෙස ජන හදවත්වලට සමීපවීම බව මහජන බැංකුව විශ්වාස කරයි. බැංකුව හඳුන්වා දුන් පුරෝගාමී සේවා රැසක් හැමවිටම එහි සාර්ථකත්වයට විශාල පිටිවහලක් විය. සිය පාර්ශවකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතාවන් හඳුනා ගනිමින් එම අවශ්‍යතාවන් නිසි පරිදි සපුරාලන්නට මහජන බැංකුව හැමවිටම කටයුතු කිරීම විශේෂත්වයකි. මහජන බැංකුව මෙතරම් ජනාදරයට පාත‍්‍රවීමට එය ප‍්‍රධාන ම හේතුවක් වී ඇත. 
     
    බාල, තරුණ, මහළු කාටත් ගැලපෙන, පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රැසක් හඳුන්වාදීමට බැංකුව මේ වන විට කටයුතු කර තිබේ. 2014 වසරේදී ද එබඳු නව සේවාවන් රැසක් එළිදැක්වීමට බැංකුව පියවර ගත්තේ ය. එසේ හඳුන්වා දුන් සැලසුම් අතරින් ‘People’s Relax’ සැලසුමේ අරමුණ වන්නේ තරුණ තරුණියන්ට තම ජීවිතයේ සැදෑ සමය සැහැල්ලුවෙන් ගතකරමින් මාසිකව ස්ථාවර ආදායමක් ලැබීමේ අවස්ථාව සලසා දීමයි. සිසු සිසුවියන් අතර ඉතුරු කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම, ජනප‍්‍රිය ‘සිසු උදාන’ ගිණුම යටතේ හඳුන්වා ‘I Can Save’ සැලසුමේ අරමුණ වේ.
     
    මහජන බැංකුවේ වීසා ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සෞඛ්‍ය සේවාවන් සඳහා ගෙවීම් කිරීමේදී විශේෂ ප‍්‍රතිලාභ ලබාදීම සඳහා ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගෙන පීපල්ස් නිරෝගී’ සැලසුම හඳුන්වා දී ඇත.
     
    ඊට අමතරව විශේෂ ණය සැලසුම් ක‍්‍රම මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක් වී ‘People’s Mobile Banking’ පහසුකම් සහ ‘People’s NET’ අන්තර්ජාල බැංකු පහසුකම් ඔස්සේ විදුලි බිල්පත් ගෙවීමේ හැකියාව ආදී පහසුකම් රැසක් ද පසුගිය වසර තුළ දී එළිදක්වන ලදී. එමෙන්ම තරුණ පරපුර සඳහා හඳුන්වා දී ඇති Yes ගිණුම ප‍්‍රචලිත කිරීම සඳහා දියත් කළ Yes Season ප‍්‍රවර්ධන වැඩසටහන, අවුරුදු ගනුදෙනු වැඩසටහන සහ ජාත්‍යන්තර කාන්තා දිනය ඉලක්ක කරගෙන ‘වනිතා වාසනා’ ගිණුම් හිමි කාන්තාවන් අතර මූල්‍ය සැලසුම්කරණය ප‍්‍රචලිත කරවීම සඳහා දියත් කරන ලද වැඩසටහන ආදී වැඩසටහන් ඔස්සේ ඉලක්කගත විශේෂ කණ්ඩායම් අතර තම සේවාවන් ජනප‍්‍රිය කරවීමට ද බැංකුව කටයුතු කළේ ය. 
     
    වෙළෙඳපොළ තුළ මහජන බැංකුවේ වර්ධනය සහ වටිනාකම් ඉහළ යාමට මේවා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකර තිබේ.
     
    නව ප‍්‍රවණතාවන් සැලකිල්ලට ගනිමින් තම සේවා අතුරින් සමහරක් නැවත එළිදැක්වීමට ද බැංකුව කටයුතු කළේ ය. සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා හඳුන්වා දුන් People’s Wisdom අධ්‍යාපන ණය ක‍්‍රමය, වෘත්තිකයන්ට තම සිහින සැබෑ කරගැනීම සඳහා පිටිවහලක් වන People’s Professional ණය ක‍්‍රමය සහ ‘People’s Auto Loan’ රථවාහන ණය ක‍්‍රමය ආදිය ඊට නිදසුන් ලෙස දැක්විය හැක.
     
    2020 වසර වනවිට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ නිසා එම ක්ෂේත‍්‍රය නගාසිටුවීම සඳහා දායකවීමට ද මහජන බැංකුව පියවර රැසක් ගෙන තිබේ. විශේෂයෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් වෙත මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා රටපුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථාන 23ක් ආරම්භ කිරීමට මහජන බැංකුව කටයුතු කර ඇත.
     
    මේ මඟින් එම ව්‍යවසායකයන්ට පුහුණු හා සංවර්ධන අවස්ථා රැසක් ද සැලසෙන අතර ‘මහජන බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ගම්මාන සංකල්පය’ නමින් විශේෂ සංකල්පයක් ද ඒ හරහා හඳුන්වා දී තිබේ. ඒ අනුව දිවයින පුරා ක්ෂුද්‍ර මූල්‍ය ගම්මාන 239ක් පිහිටුවා ඇත.
     
    ආයතනික පාලනය, යහපැවැත්ම, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ආදී සාධක නිසා වෙළෙඳපොළේ අංශ රැසක පෙරමුණේ පසුවීමට මහජන බැංකුවට හැකි වී තිබේ. රටේ සංවර්ධන වැඩකටයුතුවල දී ප‍්‍රමුඛතම තේරීම බවට පත්වී ඇත්තේ ද මහජන බැංකුවයි. එම සංවර්ධන ඉලක්ක හඹා යන්නට එය විශාල දායකත්වයක් දක්වමින් සිටී. 
     
    එමෙන්ම සියලු ම ජනවර්ග එකමුතු වී රට සංවර්ධනය කරා ගෙනයාම ඉතාමත් වැදගත් බවත්, ඒ සඳහා අපට සමානාත්මතාව සහ පොදු දැක්මක් අවශ්‍ය බවත් බැංකුවේ විශ්වාසය වේ. යාල් දේවී දුම්රිය ඔස්සේ උතුර හා දකුණ යා කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් වූ කොඩිකාමම් දුම්රියපොළ ඉදිකිරීම සඳහා මූල්‍යාධාර සැපයීමට මහජන බැංකුව කටයුතු කළේ ඒ නිසාවෙනි. ඊට අමතරව විද්‍යුත් අධ්‍යාපන මෘදුකාංග හඳුන්වා දීම මෙන්ම දරුවන් අතර ඉගෙනීමේ සංස්කෘතියක් ඇති කිරීම සඳහා ‘ඉසුරු උදාන පාඩම් සෙල්ලම්’ වැඩසටහන හඳුන්වා දීම වැනි පුරෝගාමී පියවර රැසක් ක‍්‍රියාවට නැංවීමටද මහජන බැංකුව කටයුතු කර තිබේ.
     
    පසුගිය වසර සඳහා වූ ක‍්‍රමෝපායික සැලසුමේ සඳහන් වූ ඉලක්ක සියල්ල ළඟා කර ගැනීමෙන් අනතුරුව මේ වනවිට මහජන බැංකුව ඉදිරි වසර 5 සඳහා නව ක‍්‍රමෝපායික සැලසුමක් සකස් කිරීමේ කටයුත්තට සිය අවධානය යොමු කර ඇත. ඉදිරි වසර 5ක කාලය බැංකුවට මෙන්ම රටටත් ඉතාමත් වැදගත් කාලපරිච්ඡේදයකි. 
     
    මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු ලෙස රටේ ඉදිරි ගමන වෙනුවෙන් පෙරමුණ ගැනීමේ වගකීමට උරදීම සඳහා මහජන බැංකුව සූදානමින් සිටී. බැංකුවක් ලෙස ඒ ගමනට අවශ්‍ය පදනම එය සකස් කර ඇත. ඒ පදනම බෙහෙවින් ශක්තිමත්, විවිධත්වයෙන් සපිරි, තිරසාරවත් එකකි. ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ සංවර්ධනයට සමගාමී ව මහජන බැංකුවත් දැවැන්ත දියුණුවක් අත්පත් කරගනු ඇත.
     
    ඒ සඳහා අවස්ථාවන් රැසක් රට ඉදිරියේ තිබේ. ඒ අවස්ථාවලින් නිසි ප‍්‍රයෝජන ගැනීමේ හැකියාව මහජන බැංකුව සතු ය. ඒ නිසා ආසියාවේ ආශ්චර්යය කරා ශී‍්‍ර ලංකාව යන මේ ගමනේ දී සුවිශේෂී සන්ධිස්ථාන රැසක් ම සනිටුහන් කිරීමට මහජන බැංකුවට හැකියාව ලැබෙන බවට කිසිදු සැකයක් නැත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya