ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මුලතිව් සෙබළුන්ගෙන් සිවිල් වැසියන් හට කිරි ගවයන් බෙදා දීමක්

    ජනවාරි 13, 2015
    මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති  සේනාංක සහ බලසේනාංකවල සෙබළුන් විසින් එම සේනාංක මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ මඟපෙන්වීම යටතේ පසුගියදා ප්‍රජා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. 
     
    ඒ යටතේ එම ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවන් වෙත කිරි ගවයන්  43 දෙනෙකු ද බෙදා දීමට පියවර ගෙන ඇත.
     
    මීට අමතරව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු  සේනාංක සහ බලසේනාංකවල සෙබළුන් ද ප්‍රජා ව්‍යාපෘති සහ සුබසාධක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබළුන් උරතිපුරම්  සීවන් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කර ඇත.  1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබළුන් විසින්  කනියුවාන්කිඩ්ඩි පෙරපාසලේ  වහලය අලුත්වැඩියා කිරීම ද සිදු කරන ලදී.
     
    5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සෙබළුන්  සහ 15 වන විජයබාහු  පාබල රෙජිමේන්තු සෙබළුන් විසින් ද කරුකාවති සහ  විහසියෝදායී පෙරපාසලේ ශ්‍රමදාන කඳවුරු දෙකක් පවත්වන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya