ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු ප්‍රවර්ධනයට සහයෝගිතා වැඩසටහනක්

    ජනවාරි 19, 2015
    ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර සහයෝගීතා අවස්ථා රාශියක් පවත්නා බවත් විශේෂයෙන් තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් හා එකිනෙකාගේ අත්දැකීම් මඟින් දෙරටට ම උගත හැකි බවත් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් පී.බී. යාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ලාහෝර් නුවර පසුගිය දින පැවැති ජාලගත කිරීමේ හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ සම්මන්ත්‍රණයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
     
    වෙළෙඳපොළ අවශ්‍යතා අනුව තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව ලබාදිය හැකි ආකාරය පිළිබඳ ව ශ්‍රී ලංකා සේවායෝජකයන් පිරිසක් එහිදී පාකිස්ථාන සමාගම් දැනුවත් කළේය.
     
    ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම තම රටෙහි මෑත දී සිදු වූ තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ප්‍රතිසංස්කරණවල ඍජු තොරතුරු බෙදාහදා ගැනීමට හා එම ලබාදීම් හා විවිධ අදියර කර්මාන්තය තුළ මුඛ්‍ය ධාරාව බවට පත්කිරීමට සහාය වූහ.
     
    මෙම සංචාරය පකිස්තානු තාක්ෂණ හා වෘත්තීය පුහුණු ප්‍රතිසංස්කරණ සහයෝගිතා වැඩසටහන සහාය ඇති ව පන්ජාබ් තාක්ෂණික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් පහසුකම් සලසන ලද අතර ඒ සඳහා යුරෝපා සංගමය, නෙදර්ලන්ත තානාපති කාර්යාලය, ජර්මන් ෆෙඩරල් ජනරජය හා රාජකීය නෝර්වීජියානු තානාපති කාර්යාලය අරමුදල් සපයයි.
     
    ඉල්ලුමට සරිලන තාක්ෂණික අධ්‍යයනයක් හා වෘත්තීය පුහුණුවක් ප්‍රවර්ධනය කිරීම සඳහා එකිනෙක රටවලින් අත්දැකීම් හුවමාරු කරගැනීමේ අවස්ථාවක් මෙවන් සංචාර තුළින් උදාවන බව මෙහිදී ජන්ජාබ් තාක්ෂණ අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අධිකාරියේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරී හම්ඩ් ගානි අන්ජුම් මහතා පැවසීය.
     
    නියෝජිත කණ්ඩායම ලාහෝරයේ හා කරච්චි හි විවිධ කර්මාන්තයන් නැරඹීමට ද යොමු වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya