ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නව රජයෙන් පුළුල් නාගරික සංවර්ධන වැඩපිළිවෙළක්

    ජනවාරි 20, 2015
    නව රජය මඟින් වර්තමාන අනාගත සැලසුම් නිසි අධ්‍යනයකින් පසු සෑම ජන කොටසකට ම සෙත සැලසෙන පරිදි පුළුල් නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරියේ දී එහි සේවක සේවිකාවන් අමතමිනි.
     
    "වසර 20ක් විපක්ෂයේ සිට විවිධ පාලන යුගයන් පසුකර ජනතා රජයක් බලයට පත් වු මොහොතක රටට දැයට දැනෙන නාගරික සංවර්ධන ක්‍රියාවලියක් සිදු කළ හැකි ආයතනයක් වන මෙම ආයතනය පසුගිය කාලයේ දැඩි පීඩනයකින් ක්‍රියාත්මක වූ බව මේ වන විට හඳුනාගෙන තිබෙනවා.  ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මා හට භාරදුර කාර්යයක් පවරා තිබෙනවා. අපි නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කොට තිබෙනවා. එමෙන් ම අධිකාරියේ අතීත, වාර්තමාන අනාගත සැලසුම් හා මූල්‍ය වාර්තා පිළිබඳ ව අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා". 
     
    "සෑම රුපියලක් ම වියදම් වූ ආකාරය ගැන සොයා බලනවා. දූෂණ වංචා සිදු කොට ඇත්නම් දඬුවම් දීමට කටයුතු කරනවා. ඉදිරි දින 100 අපිට විශාල අභියෝගයක්. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරියේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ ගමන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස".
     
    පසුගිය සමයේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති හා ඉදිරි නාගරික සංවර්ධන සැලසුම් හා පසුගිය සමයේ සිදු වූ මූල්‍ය ගනුදෙනු පිළිබඳ ව ද විශේෂ විමර්ශනයක් සිදු කර මුළු මහත් ජනතාවට ම සෙත සැලසෙන නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya