ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ඉහළට

    ජනවාරි 22, 2015

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් අද (22) පවත්වන ලද කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සැලසුම්) ආර්.එස්. හපුගස්වත්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 318.00කි. එය පසුගිය දෙසැම්බර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 262.83ක් විය.

    ආර්.එස්.එස්. 02 රබර් වර්ගය වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 310.00ක් වූ අතර එය පසුගිය දෙසැම්බර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 263.25ක් විය.

    ආර්.එස්.එස්. 03 රබර් වර්ගය වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 308.00ක් වූ අතර එය පසුගිය දෙසැම්බර් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 248.00ක් විය.

    ආර්.එස්.එස්. 04 හා ආර්.එස්.එස්. 05 වර්ග අද දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.

    මීළඟ රබර් වෙන්දේසිය ලබන 27 දින පැවැත්වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya