ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආධුනික සිංහල හා දමිළ සෙබළුන් යුද හමුදා ක්‍රියාකාරී සේවයට

    ජනවාරි 22, 2015

    කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් දමිළ තරුණයන් 11 දෙනෙකු ද ඇතුළුව යුද හමුදාව වෙත ගබඩාකරුවන්, ලිපිකරුවන්, රියදුරන්, විදුලි කාර්මිකයන්, බේකරි සහයකයන් ලෙස බඳවා ගත් ආධුනික සෙබළුන් 124 දෙනා මූලික හමුදා පුහුණුවීම්වලින් අනතුරුව පසුගියදා 65 වන සේනාංක මූලස්ථානයේ දී විසිරි ගියහ.


    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ආර්.එච්. ඩයස් සහභාගී වූ අතර යුද හමුදා සාමාජිකයන් මෙන්ම ආධුනික සෙබළුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් රැසක් ද මීට එක්ව සිටියහ.

    මෙම කණ්ඩායම 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ උපදේශකයන් යටතේ මූලික පුහුණුව හැදැරූ අතර සියලුදෙනා අතර සමඟිය සහ සහයෝගය ඇති කිරීමේ අරමුණින් යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව දමිළ ආධුනික සෙබළුන් 11 දෙනා හට මෙහිදී සිංහල භාෂාව ද උගන්වන ලදී. මෙහි සියලු කටයුතු අධීක්ෂණය කරන ලද්දේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසිනි.

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya