ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීලංකන් වෙතින් විදේශ අධ්‍යාපනය සඳහා සුවිශේෂි වට්ටම්

    ජනවාරි 23, 2015

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම  EDEX Expo 2015 සඳහා නිල ගුවන් සේවාව ලෙස එක්වෙමින් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශීය රටවලට යන සිසුන්ට සෘජු ගමනාන්ත සඳහා 30% වට්ටමක් ලබාදීමට කටයුතු යොදා තිබේ.

     

    ඒ අනුව  ජනවාරි 23 (අද) සිට 25 දක්වා BMICH හිදී සහ ජනවාරි 30,31 දින වල KANDAY CITY CENTER හිදී පැවැත්වෙන EDEX Expo 2015 අධ්‍යාපන ප්‍රදර්ශනයේදී ශ්‍රීලංකන් ප්‍රදර්ශන කුටියට පැමිණ ලියාපදිංචි වන සැමට මෙම අනගි අවස්ථාව අත් විඳීමට හැකියාව පවතී.

     

    මීට අමතරව සිසුන් සඳහාම විශේෂ වූ වාසියක් ලබාදීමටද කටයුතු යොදා තිබේ. එනම් ගුවන් සංචාරයේදී කිලෝ ග්‍රෑම් 40 ක සිත් ගන්නා සුළු ගමන් මලු සහනයක්ද ලබා දීමට ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව සිසුන්ට  වැඩිපුර පොත් පත්  සහ වෙනත්  භාණ්ඩ රැගෙන යාම සඳහා අවස්ථාව උදා වේ.

     

    තවද ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් ගුවන් සංචාරයේ යෙදෙන අනිකුත් මගීන් සඳහා 20% වට්ටමක් ලබාදීමට ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. එනම් විදේශ ගත වන සිසුන් සමඟ යාමට හෝ වෙනත් සංචාරයක් සඳහා විදේශ ගත වීමට අදහස් කරන අයට ද මෙම වාසිය ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

     

    මෙම වාසිය අත්විඳීම සඳහා 2015 පෙබරවාරි මස  28  වෙනි දිනට හෝ ඊට පෙර කොළඹ සහ මහනුවර පිහිටි ශ්‍රීලංකන් ප්‍රවේශ පත් කාර්යාල වලින් ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතුය.  එසේ මිලදී ගනු ලැබූ ප්‍රවේශ පත්‍ර භාවිත කර ජූනි මස 30 වෙනි දින සිට සැප්තැම්බර් මස  30 වෙනි දින අතර කාලයේදී ගුවන් සංචාරයේ යෙදීමේ අවස්ථාව සලසා දී තිබේ.
     

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වන විට සිය ගෝලීය ගුවන් ජාලය ව්‍යාප්ත කරමින් සතියකට ගුවන් ගමන් වාර 258  ක් රටවල් 20 ක ගමනාන්ත 33 ක් දක්වා ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි. ලෝකයේ ප්‍රධානතම කාලප වන යුරෝපය,මැද පෙරදිග,ඉන්දියාව, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග යන කලාප වෙත ශ්‍රීලංකන් ගුවන් සාමගම මෙහෙයුම් ව්‍යාප්ත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya