ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පසුගිය කාලයේ දී නගරාලංකාරයට මුවා වෙමින් දූෂණ වංචා රැසක්

    ජනවාරි 28, 2015
    නගරාලංකාරය නමින් කොළඹ සහ සෙසු නගරවල පසුගිය පාලන සමයේ සිදු කළ විවිධ ඇස්බැන්දුම්වලට මුවා වී අපමණ මුදල් නාස්තියක් සහ දූෂණ වංචා රැසක් සිදුව ඇති බව මේ වන විට හෙළිදරව් වී ඇතැයි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි. 
     
    නියෝජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව එම අමාත්‍යාංශය යටතේ විවිධ මට්ටමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සමග පැවති සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව අදහස් දක්වමින් අද (28) නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේය. 
     
    මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ ඇතුළු තදාසන්න නගර සංවර්ධනයට මුවා වී පසුගිය සමයේ සිදු වී ඇති මුදල් වංචා, දූෂණ, නාස්තිය සහ අවිචාරවත් කි‍්‍රයා පිළිවෙත් ඇදහිය නොහැකි තරම් බවය. ඒ හරහා සිදුවී ඇති මහජන මුදල් ගසා කෑම පිළිබඳ ව විධිමත් විගණනයක් සිදුකිරීමට කටයුතු කරන බව ද හෙතෙම කීය. 
     
    නාගරික සංවර්ධනයේ නාමයෙන් කඩා දැමීම්වලදී මෙන් ම ඉදිකිරීම් කටයුතුවලදී ද පිළිගත් ක‍්‍රමවේද අනුගමනය කර ඇති අතර ලිඛිත උපදෙස් හෝ නියෝග නොමැතිව බොහොමයක් කටයුතු මිලිටරි පන්නයේ නියෝග හා ආඥා හරහා පසුගිය සමය පුරා සිදුව නැති අතර මහජනතාව මෙන් ම එම නියෝග කි‍්‍රයා කළ නිලධාරීන්ට ද සිදුව ඇත්තේ අගතියකැයිද ඇමතිවරයා කීය. 
     
    නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන සහ ජාතික ආරක්‍ෂක අමාත්‍යංශය හරහා කි‍්‍රයාත්මක වූ පසුගිය කාලය තුළ එම අධිකාරියේ සියලු කටයුතු හමුදා පසුබිමකින් යුතුව සිදුව ඇති අතර බහුතරයක් සේවකයන් සහ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ දැඩි ආඥාදායක පාලනයක් යටතේ බව ද ගන්කන්ද මහතා සඳහන් කළේය. 
     
    මහජන උපයෝගීතා ආයතනයක තිබිය යුතු මිත‍්‍රශීලි සහ සුහදශීලි විලාසය වෙනුවට දිගු කළක් නාගරික සංවර්ධන අධිකාරිය පාලනය වූ මිලිටරි පන්නයේ පාලනයෙන් ආයතනය මුදවාගෙන බියෙන් සැකයෙන් තොරව සිය රාජකාරී කරගෙන යාම සඳහා සුදුසු සිවිල් පරිපාලනයක් මෙම ආයතනයට හඳුන්වා දීම තම මූලික අරමුණ බවත් ගන්කන්ද මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya