ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන වියදම 6%ක් දක්වා ඉහළට

    ජනවාරි 29, 2015

    අධ්‍යාපන සඳහා කරනු ලබන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා ක්‍රමානුකූලව වැඩිකිරීමට කටයුතු කරනු ලැබේ.

    අද (29) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව පැවසීය.
     
     
    දියුණු රටවල් විසින් අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%ක් වෙන් කරනු ලැබුව ද ආසියානු රටවල මෙම අනුපාතය 2.9%ක සාමාන්‍ය අගයක් ගනී.  එහෙත් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාව වියදම් කරනුයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් පමණ වේ.
     
     
    මීට අමතරව 2015 ජුනි මාසයේ සිට මහපොළ මාසික ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5000ක් දක්වා වැඩිකිරීමට ද කටයුතු කොට ඇත.
     
     
    අධ්‍යාපනය සඳහා වූ ඉහළ වියදම් තුළින් රටෙහි සියලු දරුවන්ට අධ්‍යාපනය සඳහා සම අවස්ථා සැපයෙන් අතර එමගින් මානව ප්‍රාග්ධන සංවර්ධනයෙහි මට්ටම ඉහළ යනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya