ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වකුගඩු රෝගය පවතින ප්‍රදේශ සඳහා පානීය ජලය ලබාදීමට ප්‍රමුඛත්වය

    ජනවාරි 30, 2015

    වකුගඩු රෝගය පැතිර යන ප‍්‍රදේශවලට පිරිසිදු පානීය ජලය ලබාදෙන බවට පසුගිය මැතිවරණ සමයේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දුන් ප‍්‍රතිඥා ඉටු කිරීම සඳහා වත්මන් රජයේ දින 100 සංවර්ධන කටයුතුවලදී ඉහළ ප‍්‍රමුඛතාවයක් ලබාදෙන්නේ යැයි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්මලාන අඟුලාන ප‍්‍රදේශයේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප‍්‍රාදේශීය සේවා මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

     

    බටහිර සහ දකුණු ප‍්‍රාදේශීය සේවා මධ්‍යස්ථානය ලෙස නම් කළ එම කාර්යාලය සංකීර්ණය මහල් 5කින් සමන්විතය. මෙතෙක් එම සේවා කටයුතු වසර 10ක් පුරා විවිධ කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන ගිය අතර නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග දෙහිවල, මොරටුව, පානදුර, කළුතර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක පානීය ජල අවශ්‍යතා සම්පාදනය සැලසුම්කරණය සහ නඩත්තු කටයුතු වඩාත් විධිමත්ව සිදු කිරීම එකී මණ්ඩලයේ අරමුණ වේ.

     

    මෙම නව පස්මහල් ගොඩනැගිල්ලට ජපන් අන්තර් ජාතික සහයෝගීතා ඒජන්සිය රුපියල් මිලියන 370ක සහන ණය මුදලක් ලබාදී ඇති අතර ජපන් රජයේ අනුග‍්‍රහය ඇතිව කි‍්‍රයාත්මක වන කළුගඟ ජලසම්පාදන යෝජනා ක‍්‍රමයේ එක් අදියරයක් ලෙස මෙම සේවා මධ්‍යස්ථානය හැඳින්වේ.

     

    නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා ජලසම්පාදන ජලාපවාහන අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති නොබෝහිතෝ හෝබෝ ශ‍්‍රී ලංකාවේ ජයිකා නිත්‍ය නියෝජිත කියොෂි අමාඩා සහ අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

     

    මෙම නව සේවා මධ්‍යස්ථානය හරහා මහ කොළඹ සහ කළුතර ප‍්‍රදේශවල ජල පාරිභෝගික ජල සබඳතා දෙලක්ෂයක් හරහා මිලියනයක ජනතාව ප‍්‍රතිලාභ ලබන බව එම මණ්ඩලය සඳහන් කරයි.

    ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ශ‍්‍රී ලංකාවේ ගෘහ විදුලි අවශ්‍යතාවයෙන් 95% ක් සපුරා ඇතිමුත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට මෙතෙක් සපුරාලීමට හැකිවී ඇත්තේ එම සංඛ්‍යාවෙන් හරි අඩක් හෝ ඊට ආසන්න ප‍්‍රමාණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

    ජලය සොබාදහමේ දායාදයක් වුවද රටේ දුරබැහැර දුෂ්කර ප‍්‍රදේශවලට එම සම්පත ගෙනයාමේදී ජාතික ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලයට විශාල කාර්යය භාරයක් පැවරේ. එහෙත් එම මණ්ඩලයේ කාර්යය භාරය වාණිජ අරමුණු ඉක්මවූ සේවාවක් ද වේ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya