ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහනුවරත් ජාතික නිදහස් දිනය සමරයි

    පෙබරවාරි 01, 2015
    ජාතික නිදහස් දිනට සමගාමීව වාර්ෂිකව මහනුවර නගරය කෙන්ද්‍ර කරගනිමින් අභිමානවත් අයුරින් කන්ද උඩරට දී පවත්වන නිදහස් දින උළෙල මෙවරත් අභිමානවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
     
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර  බෝගම්බර  ක්‍රීඩාංගණයේ දී 04දා පෙ.ව. 8.30ට මෙම සැමරුම් වැඩසටහන  පැවැත්වේ. මෙම උළෙල සඳහා  ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු  දරු දැරියන් 2000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. 
     
    මහනුවර නගරයේ පාසැල් නියෝජනය කරමින්  පෙර අපර දෙ දිග තූර්යවාදක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අචාර පෙළපාලියක් ද  සරඹ සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    නිදහස් දින උළෙලින් අනතුරුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රමුඛ රජයට  සෙත්පැතීම  සඳහා එදින ම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya