ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මුලතිව් තරුණයන් වෘත්තිකයන් ලෙස යුද හමුදාවට බඳවා ගැනේ

    පෙබරවාරි 03, 2015
    මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදෙස් මත මුලතිව් ප්‍රදේශයේ දමිළ තරුණයන් 34 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බල සේනාව වෙත බඳවාගත් අතර, පසුගියදා පුදුකුඩිඉරිප්පු බලඇණි පුහුණු පාසලේ දී ඔවුන්ගේ මුලික ආධුනික පුහුණුව ආරම්භ විය.
     
    15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අධික්ෂණය මත සති 16ක් පුරාවට පැවැත්වෙන මෙම ආධුනික පුහුණු වැඩසටහන සිංහල සහ දමිළ භාෂා දෙකෙන් ම සිදු කරනු ලැබේ.
     
    මුලික පුහුණුවෙන් අනතුරුව මොවුන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ යුද හමුදා සේවා රෙජිමේන්තුවල කාර්මික ශීල්පීන්, විදුලි කාර්මික ශිල්පින්, වෙල්ඩින්කරුවන්, ජල නළ කාර්මිකයන් මෙන් ම මේසන්වරුන් ආදි ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් ලෙස යෙදවිමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya