ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති නීතිඥ උපුල් ජයසූරිය

    පෙබරවාරි 05, 2015
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ උපුල් ජයසූරිය මහතා පත් කොට ඇත. 
     
    උපුල් ජයසූරිය මහතා 1978 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති අතර, එම වසරේ දී  මහ කොළඹ ආර්ථික කොමිසම (වර්තමානයේ ආයෝජන මණ්ඩලය) ආරම්භයේ දී එහි පළමු නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කර තිබේ.
     
    1982 ශ‍්‍රී ලංකා ට‍්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර, ලංකා තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. තවත් සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු රැසක් දැරූ උපුල් ජයසූරිය මහතා වත්මන් මූල්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කෙරෙන ආසියානු මූල්‍ය සමාගමේ නිර්මාතෘවරයා ද වෙයි.
     
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය  විදේශ ආයෝජකයන් හට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සඳහා වන මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කරයි.
     
    ආයෝජන මණ්ඩලය යනු ආයෝජන ක්‍රියාවලියේ දී අවශ්‍ය වන උපදෙස් හා සියලු සහාය ආරම්භක අවස්ථාවේ සිට අවසානය දක්වා මෙම ආයතනය විසින් සපයනු ලැබේ.
     
    ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 27වන මහලේ පිහිටා ඇති ආයෝජක පහසු මධ්‍යස්ථානය මගින් ආයෝජන ක්‍රියාවන්ට අදාළ සියලු පහසුකම් දෙස් විදෙස් ආයෝජන ලබාගත හැකි වේ.
     
    මේ යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරනු ලබන ආයෝජකයන්ට වසර 5ක පුර්ණ බදු සහන ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya