ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රීලංකන් කළමනාකාරීත්වය සහ වරළත් ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය නව (ALAE)සාමූහික ගිවිසුමක්

    පෙබරවාරි 06, 2015
    ශ්‍රීලංකන් කළමනාකාරීත්වය සහ වරළත් ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය නව (ALAE)සාමූහික ගිවිසුමක් සඳහා අත්සන් තබයි.
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ වරළත් ගුවන් යානා ඉංජිනේරුවන්ගේ සංගමය 2014  සිට වසර 3ක කාලසීමාවකට 
    බල පැවැත්වෙන පරිදි  නව සාමූහික ගිවිසුමක් සඳහා අත්සන් කරන ලදී.
     
    මෙම ගිවිසුම තුළින් ශ්‍රීලංකන් කළමනාකාරීත්වය ඵලදායීතාව වැඩිදියුණු කර ගැනීමටත් ව්‍යාපාර ප්‍රමුඛතා සඳහා සහයෝගය දෙමින් ගුවන් යානා ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවන්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාවන්ට අනුකූලව  සහයෝගය දැක්වීම සහ  සේවකයන් අඛණ්ඩව රඳවා ගැනීමේ අවශ්‍යතාවය වැදගත් කොට සලකන ලදී.   
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය මෙම සංගමය විසින් ගුවන් සමාගමේ උන්නතිය උදෙසා ලබාදිය යුතු දායකත්වය සහ සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු  වෘත්තීය භාවය පවත්වා ගැනීමට දක්වන සහයෝගය මෙන්ම ගුවන් යානා මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාව වර්ධනය කිරීමට ඉංජිනේරු කාර්ය මණ්ඩලය දක්වන සහායඅගය කොට සලකමින්  සාර්ථක ලෙස එකඟතාවන්ට එළඹෙන ලදී.
     
    ගුවන් සමාගමේ අනාගත ව්‍යාපාර සැලසුම් මෙන්ම ගුවන් සේවකයන් විසින් සාක්ෂාත් කර ගත යුතු අරමුණු  ළඟා කර ගැනීම මෙම ගිවිසුම තුළින්  අපේක්ෂා කෙරේ.“එක්ව වැඩ කර එක්ව ජය ගනිමු”යන ගුවන් සමාගමේ 2014    වසරේ තේමාව සාක්ෂාත් කර ගැනීමට මෙයින් තවදුරටත් හැකි වන බව ගුවන් සමාගම පෙන්වා දෙයි.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya