ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වතු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහය

    පෙබරවාරි 07, 2015

    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය සිදු කරන වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ලබා දෙන බව එහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබනෙයි නැන්ඩි මහතා පවසයි.


    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගාම්බරම් මහතා හමු වූ අවස්ථාවේ දී ඒ මහතා මේ බව පවසා තිබේ.


    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගාම්බරම් මහතා වතු ජනතාව දැනට මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ජාවේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබනෙයි නැන්ඩි මහතා දැනුවත් කළේ ය.

    දැනට ලයිම් කාමරවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය සැබෑ වෙනසකට ලක්විය යුතු බව පෙන්නා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම ජනතාවට ස්ථීර නිවාස සකස් කර දීමට තම අමාත්‍යංශය මඟින් කටයුතු කරන බවයි.

    මෙහිදී අදහස් දැක්වූ නැන්ඩි මහතා, වතු ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් තමන්ට පුළුල් අවබෝධයක් ඇති බවයි.

    ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට 2006 වසරේ දස වසරක ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එය නිසිලෙස ක්‍රියාත්මක නොවූ බව ප්‍රකාශ කළ සුබනෙයි නැන්ඩි මහතා විෂයභාර නව අමාත්‍ය පී. දිගාම්බරම් මහතා සමඟ එක්ව ව‍්‍යාපෘතිය යාවත්කාලීන කර ක්‍රියාත්මක කරන බවයි. වතු ජනතාවට ස්ථීර නිවාස ලබා දීමේදී නායයෑමට ලක් නොවන ඉඩම්වල නිවාස ඉදිකළ යුතු බව ද ඔහු කියා සිටියේ ය.

    මෙම අවස්ථාවට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති සහ අමාත්‍යවරයාගේ උපදේශක එම්. වාමදේවන් මහත්රු ඇතුළු නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya