ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බටඅත බැටරි කර්මාන්ත ශාලාවේ පරිසර හානිය සම්බන්ධයෙන් සාකච්ඡාවක්

    පෙබරවාරි 09, 2015
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට, බටඅත, හුංගම ප්‍ර දේශයේ පවත්වාගෙන යන Leoch Lanka (Pvt) Ltd නැමැති බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් සිදු වී ඇති බරපතල පාරිසරික ගැටලු හා ඒවායින් එහි සේවකයන්ට සිදු වී ඇති අගතිය පිළිබඳ අද (09) කම්කරු දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවක් පැවැත්විණි. 
     
    මෙම අවස්ථාව සඳහා නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වූ අතර එම සාකච්ඡාව අවසානයේ දී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අඳහස් ප්‍රකාශ කළේය. 
     
    මෙම කර්මාන්ත ශාලාවෙන් උද්ගත වී තිබෙන පාරිසරික හා සෞඛ්‍යමය හානිය පිළිබඳ ව අදාළ ආයතනයේ හිමිකරුවන්, කම්කරු ප්‍රජාව හා කම්කරු දෙපාර්තමේන්තුව සම්බන්ධකරගනිමින් දැනට උද්ගත වී ඇති ගැටලුවට විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
     
    මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ කීය. "මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ ශරීර තුළට ඊයම් ඇතුළුවීමේ අවදානමක් හටගෙන තිබෙනවා. එමෙන් ම මෙම කර්මාන්ත ශාලාව නිසා අවට පරිසරයේ විශාල විනාශයක් සිදු වී තිබෙනවා". 
     
    "පසුගිය රජය සමයේ කිසිඳු පැහැදිලි නිර්නායකයකින් තොරව  ඇරඹුණු එම කර්මාන්ත ශාලාවේ සේවයන්ට එහි පවතින අවදානම් තත්ත්වය පිළිබඳ දැනුවත් නොකිරීම නිසා එහි සේවය කළ 300කට අධික සේවක පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් බලපෑමක් එල්ල වී තිබෙනවා". 
     
    ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මිනිස් සිරුරට වස විස ඇතුළු වන මෙවැනි අවදානමක් සහිත කර්මාන්ත ශාලාවකට අවසර ලබාදුන්නේ කෙස්ද යන්න පිළිබඳ ව සොයා බැලිය යුතු බවත් දැනට සිදු වී ඇති පරිසර හානිය හා සේවක සෞඛ්‍යයට ඇති වූ තර්ජන වළක්වාගෙන ඉදිරියට යා හැකිනම් පමණක් මෙම කර්මාන්ත ශාලාව තවදුරටත් පවත්වාගෙන යාමට සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya