ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ මරුදන්කේනි ප්‍රදේශයට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්

    පෙබරවාරි 10, 2015

    යාපනයේ නැඟෙනහිර වඩමරච්චි මරුදන්කේනි ප්‍රදේශයට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඊයේ (09) ස්‌වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා අතින් විවෘත කෙරිණි. මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රුපියල් මිලියන 45ක පිරිවැයකින් ඉදි කර ඇත. 

    මෙම අවස්ථාවේ දී ජනතාව ඇමතූ අමත්‍යවරයා රජයේ දින 100 වැඩපිළිවෙළ සාර්ථකව කෙරීගෙන යන බවත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින් ජනතාවට සහන සැලසූ අතර රජය විසින් පෞද්ගලික අංශ සේවකයින්ගේ ද වැටුප් වැඩි කිරීමට ඉල්ලීමක් ද සිදු කර ඇති බවත් ප්‍රකාශ කළේය.
     
     
    නව රජයේ මූලික අරමුණ සියලු ම ජනතාවට සමාන හා ස්ථාවර ආරථිකයක් උදා කර දීම බවත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට වූ පොරොන්දුව ඉටු කරමින් සිය රජය මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල පහළ දැමීමට කටයුතු කර ඇති බවත් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරගෙන යමින් ඉදිරියේ දී ද අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
     
     
    ධීවරයින්ට තිබූ විශාල ගැටලුවක් වූ ඉන්ධන මිල පහළ දමමින් ඔවුන්ගේ ප්‍රශ්න සාර්ථකව විසඳීමට නව රජයට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.
     
     
    දැන් අප රටක් වශයෙන් එක ගමනක් යන්නට ආරම්භ කර ඇති අතර එය සෑම ජාතියකම හා සංස්කෘතියකම මිනිසුන් එකට එක්ව මෙම රටේ සහජීවනයෙන් ජීවත් වීම බව ඒ මහතා එහි දී  අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.
     
    SDF/SPR_dmu_jaffna
     
    maru1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya