ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වතුකරයේ ගැටලුවලට දින 100 ඇතුළත විසදුම් ලබා දීමට ක්‍රියාකාරී සැලසුමක්

    පෙබරවාරි 10, 2015
    වතුකරයේ  ජනතාව මුහුණ දෙන නිවාස ගැටලු, යටිතල පහසුකම් සම්බන්ධයෙන් වු ගැටලු සහ පාසල් වල පවතින අඩුපාඩු පිළිබඳ වාර්තාවක් සකස් කර කඩිනමින් තමන්ට ලබා දෙන ලෙස වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. 

     නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය  ලේකම්වරුන්වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ දී හමුවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රාදේශීය ලේකම්වරුන්ට දනුම් දී ඇත.

     

    නව රජයේ ප්‍රමුඛ වැඩසටහන වන ‘දින 100 වැසටහන‘  යටතේ වතුකරයේ  සිදුකිරිමට නියමිත වැඩසටහන් සඳහා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනිම ද මෙම හමුවේ දී සිදු විය.

     

    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය වතුකරයේ ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩ සටහන්වලින් මෙම ගැටලු නිරාකරණය කරන බවත් වතුකරයේ උපන් තමන්ට, තම ආදරණීය ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති බවත් එම නිසා සියලු දෙනා එක්ව එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය..

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya