ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මීරියබැද්දේ නාය යාමෙන් විපතට පත්වූවන්ට කඩිනමින් නිවාස

    පෙබරවාරි 11, 2015

    මීරියබැද්ද නාය යාමෙන් විපතට පත්වූවන්ට ස්ථීර නිවාස ලබාදීම කඩිනම් කරන ලෙස වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ දී පසුගිය දා පැවැති රැස්වීමක දී  මෙම උපදෙස් ලබා දී ඇත.

     

    මීරියබැද්ද නාය යාමෙන් විපතට පත්වූවන්ට දැනට ස්ථීර නිවාස ඉදිකිරීමට සූදානම් කර ඇති බිම් කොටස ඊට සුදුසු නොමැති බව එම ජනතාව පවසන බව කී අමාත්‍යවරයා, නව බිම්කඩක් ඒ සඳහා ලබාගැනීමට කටයුතු කළ යුතු බව  පවසා ඇත.

     

    ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත අදාළ බිම් කොටස තෝරා ගත යුතු බවත්, වැවිළි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  කේ. වේලායුදන් මහතා සමඟ සාකච්ඡා කර අදාළ ඉඩම ලබා ගැනීමට තමන් කටයුතු කරන බව ද අමාත්‍ය පී. තිගම්බරම් ප්‍රකාශ කළේ ය.

     

    බිම් කොටස තෝරා ගත් සැණින් අදාළ නිවාස කඩිනමින් ඉදිකිරීමට සැලසුම් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ය.

     

    අමාත්‍යාංශ ලේකම් වී. ශිවඥානසෝදි, අමාත්‍ය උපදේශක එම්. වාමදේවන් යන මහත්වරු ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, නාගරික සංවර්ධන අධිකාරිය, අදාළ වතුයායේ බලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya