ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    දුම්වැටි ඇසුරුම්වල 80% ක් සෞඛ්‍යමය අවවාද නැත්නම් දඩ

    පෙබරවාරි 12, 2015
    දුම්කොළ නිෂ්පාදන හා දුම්වැටිවල අඩංගු තාර සහ නිකොටින් ප‍්‍රමාණය ඇතුළත් සෞඛ්‍යමය අවවාද ඒවායේ අසුරනවල 80% ප‍්‍රමාණයක සඳහන් නොකරන අයට එරෙහිව නඩුපවරා වරදකරුවන් වන අයට රුපියල් 50,000කට නොවැඩි දඩයක් හෝ අවුරුද්දකට නොවැඩි සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් බලය පැවරේ.
     
     දුම්කොළ නිෂ්පාදන අඩංගු සෑම ඇසුරුමක  ඉදිරිපස සහ පිටුපස දෙපැත්තේම ඉහළ මතුපිට   සෞඛ්‍ය අවවාදය සියයට අසූවක ප්‍රතිශතයකින් යුතුව  පැහැදිළිව  ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලස්වන 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අඟහරුවාදා (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එය ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව මෙම නව නීතිය හා දඬුවම්  පැමිණවීමේ නීතිය ක්‍රියාවට නැගේ.
     
    මුල් පනතේ 34 වන වගන්තියට ගෙන එන සංශෝධනය මඟින් දුම්කොළ නිෂ්පාදන නිපදවන අයට හා ආනයනය කරන අයට නියෝග කර ඇත්තේ යම් දුම්කොළ නිෂ්පාදනයක් සැපයීම බෙදා හැරීම, ගබඩා කිරීමට මේ අවවාදය මුද්‍රණය කළ යුතුව ඇති බවයි. එම සෞඛ්‍ය අවවාදය නොමැති නිෂ්පාදන ඉදිරිපත් කිරීම, විකිණීම, සැපයීම හෝ ගබඩා කිරීම තහනම් කර ඇත. දුම්වැටි, දුම්කොළ නිෂ්පාදන භාවිතාව මඟින් සෞඛ්‍යයට සිදු විය හැකි අනතුරුදායක, හානිදායක බලපෑම සෞඛ්‍ය අවවාදය මඟින් ප‍්‍රකාශ කෙරිය යුතු වේ. 
     
    සංශෝධන උල්ලංඝණය කරන තැනැත්තන්ට මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියේ නඩු පවරනු ලබන අතර ලඝු නොවන නඩු විභාගයකින් පසු වරදකරුවන් වන අයට මෙසේ දඬ හා සිරදඬුවම් නියම කිරීමට බලය දී ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya