ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දින සියය නිවාස 50,000 කඩිනම් නිවාස වැඩසටහන මාර්තුවේ දී‍

    පෙබරවාරි 14, 2015
    අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් ලබාදීමේ අරමුණු පෙරදැරිව වත්මන් රජයේ දින සියයයේ වැඩසටහන යටතේ රජයේ මැදිහත්වීම මත නිවාස 50,000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ලබන මාර්තු මාසයේ දී ආරම්භ කරන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ අනුව මෙම නිවාස වැඩසටහන දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස 300බැගින් මැතිවරණ කොට්ඨාස 160 ආවරණය වන ආකාරයෙන් දිවයින පුරා නිවාස 50,000 ඉදිකිරීමට නියමිතය.
     
    ඉදිවන සෑම නිවසක් සඳහා ද 3.73%වැනි අඩු පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂයක මූල්‍ය අනුග්‍රහයක් ලබාදෙන අතර වසර 10ක් ඇතුළත මෙම මුදල ගෙවා අවසන් කළ යුතු වේ. ඒ වෙනුවෙන් එක් නිවාස ලාභියෙකුට මසකට ගෙවීමට සිදු වන්නේ රුපියල් 1000ක මුදලකි. 
     
    මෙම නිවාස තැනීම සඳහා අවමය පර්චස් 20 බැගින් වන ඉඩම් කැබලි රජය විසින් නොමිලේ ලබාදෙන අතර මේ වන විට එම ඉඩම් හඳුනාගැනීම් කටයුතු සිදු කෙරේ.
     
    මෙම ව්‍යාපෘතියේ දී එක් නිවාසලාභියෙකු වෙනුවෙන් රජය විසින් ආයෝජනය කරනු ලබන රුපියල් ලක්ෂයට අමතර ව නිවාසලාභීන් විසින් රුපියල් ලක්ෂ 04ක පමණ මුදලක් යෙදවිය යුතු වේ. නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වට්ටමි ලබාගනිමින් ඉතා සහනදායි මිලට ලබාදීම ද රජයේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරේ.
     
    මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන 5000ක් වැය කිරීමට ද නියමිතය.
     
    ඊයේ (13) නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya