ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නකල්ස් කලාපයේ කසළ ඉවත් කරන්න- නි.ඇමැතිගෙන් උපදෙස්

    පෙබරවාරි 18, 2015
    නකල්ස් වනාන්තර කලාපයට අයත් තෙල්ගමුඔය දෙවුරේ ඉවත්කර නොමැති කසළ වහාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඊයේ(17) වන සංරක්ෂණ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    මෙම කලාපයට අයත් තෙල්ගමුඔය හා පිටවල පහන් බිම අවට පරිසරය හදිසියේ නිරීක්ෂණය කළ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස්  ලබා දුන් අතර  පරිසරයට හානිය වන ලෙස කසළ බැහැරකර තිබීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අප්‍රසාදය පල කර සිටියේය . 
     
    අවිධිමත් ලෙස කැඩුණු කසළ බදුන් තැන තැන බෝතල් කටු හා වෙනත් ඝණ අපද්‍රව්‍ය මෙම පරිසරයට බැහැර කර තිබුණු අතර එම කසළ බැහැර කිරීමට ප්‍රමාණවත් කසළ බදුන් ස්ථානගත කිරීම සහ පරිසරයට කසළ බැහැර කිරීම නොකළ යුතු බවට දැන්වත් කිරිමේ පුවරු සවි කිරීම සම්බන්ධයෙන් අලුවිහාරේ මහතා නිලධාරීන් දැනුවත් කළේය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya