ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දින 100 තුළ ප්‍රාදේශීය පරිපාලනය විධිමත් කිරීමට පියවර

    පෙබරවාරි 20, 2015
    ප්‍රාදේශීය පරිපාලනය විධිමත් කිරීමේ එක් පියවක් ලෙස ඉදිකිරීම් අවසන් කර තිබෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාල ජනතා අයිතියට පත් කිරිම සහ  මෙම වසර අවසන් වීමට පෙර ඉදි කිරිම් ආරම්භ කර තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදි කිරීම්  කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බව ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    දින 100 තුළ ප්‍රාදේශීය පරිපාලනය කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරමින්, රුපියල් මිලියන 48 බැගින් වැය කර ඉදි කරන ලද මරදන්කර්නි සහ යාපනය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල  පසුගියදා විවෘත  කෙරිණි.
     
    මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම මස අවසන් වීමට පෙර විවෘත කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 194ක් වැය කර තිබේ.
     
    ජා-ඇල සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙම වසර තුළ ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 167 බැගින් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.
     
    ජනතාවට වඩාත් පහසු හා ඵලදායී සේවාවක් ලබාදීම ප්‍රාදේශීය පරිපාලන පහසුකම් ඉහළ නැංවීම තුළින් අපේක්ෂා කෙරේ.
     
    මීට අමතරව ප්‍රාදේශීය රජයේ කාර්යාලවලට පැමිණෙන ජනතාවට ලබා දෙන සේවාවන් විධිමත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ රජයේ සියලු නිලධාරීන්ගේ සේවාවන් විධිමත් ලෙස ජනතාවට ලබාදීමට මෙම කාලය තුළ සැලසුම් කෙරේ.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya