ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුරුණෑගලින් පුත්තලමට ගුරු මාරු නැහැ -වයඹ ප්‍රධාන ඇමැති

    පෙබරවාරි 21, 2015
    කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අතර සිදු වන ගුරු මාරු හේතුවෙන් ඇති වන ගැටලුවලට විසඳුමක් ලෙස මෙම දිස්ත්‍රික්ක දෙක අතර ගුරු මාරු ඉදිරියේදී සිදු නොවන බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කල්පිටිය කොට්ඨාස  අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
     
    කලාප කාර්යාල වලට වඩා  කොට්ඨාශ කාර්යාල හොඳින් පවත්වාගෙන යාමට අද වන විට හැකි වී තිබෙන බවත් ගුරු හිඟය පිළිබඳව හා පාසල් වෙන්කිරීම් පිළිබඳව උද්ඝෝෂණ තිබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    තාක්ෂණික විද්‍යාගාර වගේම ගුරු විවේකාගාර ස්ථාපිත කිරීමෙන් කලා විෂය හදාරන පිරිස 52% සිට 18% දක්වා අඩුකර විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය යන විෂයන් හදාරන සංඛ්‍යාව වැඩි කිරීමට  හැකි වී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    තම ප්‍රදේශයෙන් බැහැරව සේවය කරන ගුරුවරුන්ට ප්‍රවාහන ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ගැටලු සඳහා විසඳුමක් වශයෙන් පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක අතර ගුරු මාරු නොකිරීමට තීරණය කර ඇති බව සඳහන් කළේය.
     
    එසේම, පුත්තලම දිස්ත්‍රික්කයේ ගුරු හිඟයට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya