ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විදේශීය නැව්වලට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමේ තහනමක්

    පෙබරවාරි 23, 2015
    මෙරට ධජය සහිත ව ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරත වන විදේශීය නෞකා තහනම් කිරීමට ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ ඊට අදාළ උපදෙස් ළඟදීම ආරක්ෂක අංශ වෙත ලබාදීමට නියමිත බවයි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේද පැවසීය.  " විදේශීය නැව් ලංකාවේ කොඩිය ගහගෙන මසුන් ඇල්ලීම තහනම් කරන්න. ඒක තමයි මගේ ප්‍රධාන ඉල්ලීම. නායකතුමාලා අපි කතා කරලා එක තහනම් කරන්න තීරණය කළා. හෙට අනිද්දට නායකතුමා විසින් නාවික හමුදාවටත්, අදාළ ආයතනවලටත් දැනුවත් කිරීම් කරනවා. ඒ විතරක් නෙවෙයි බෝට්ටුවලට VMS සවිකරන්න ධීවර අමාත්‍යංශයෙන් නොමිලේ දෙන්න තීරණය කළා. වී.එම්.එස්. යනු යාත‍්‍රා නියාමන පද්ධතියක්. එමඟින් මුහුදේ තිබෙන යාත‍්‍රා පිළිබඳ දත්ත ගොඩබිමට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වී.එම්.එස්. තාක්ෂණය ධීවරයන්ට සිය කටයුතු කරගෙන යාමේදී අත්‍යවශ්‍ය වෙනවා. " යැයි ද පැවසීය. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya