ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිවාස අධිකාරියේ පුනරාවර්තන වියදම රුපියල් ලක්ෂ 582කින් අඩු වෙයි

    පෙබරවාරි 23, 2015
    නිවාස සංවර්ධන අධිකාරියේ දෙසැම්බර් මස පුනරාවර්තන වියදම්වලට සාපේක්ෂව ජනවාරි මාසයේ එම වියදම රුපියල් ලක්ෂ 582කින් අඩුකරගැනීමට හැකි වී තිබෙන බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
     
    ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දින කුරුණෑගල මහගෙදර පළාත් සභා නිවාස පරිශ්‍රයේ පැවති වයඹ පළාතේ සමෘද්ධි කළමනාකරුවන් හා සංවර්ධන නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
     
    "පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් රුපියල් ලක්ෂ 250ක් වැය කොට තිබේ. කොළඹ කැම්බල් පිටියේ පැවැති දිවි නැඟුම සම්මේලනය පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 630ක් වැය කොට තිබේ. මින් පසු සෑම ශත පහක්ම වියදම් කරන්නේ දුප්පතුන් වෙනුවෙන් මිස දේශපාලන නායකයන්ගේ ප්‍රතිරූ පිම්බීම වෙනුවෙන් වෙළෙඳ දැන්වීම්, සංදර්ශන සඳහා නොවෙයි". 
     
    රටේ පාලක පන්තිය හා ඉහළ මට්ටමේ සිටි පුද්ගලයන් ලබාගත හැකි සියලු සහන, වරප්‍රසාද ලබාගනිමින් සුරසැප විඳින අතරේ රටේ ජනතාවට දුක්විඳ වැඩ කරන්න යැයි කී දෙබිඩි දේශපාලන ක්‍රම වෙනස් කර තිබෙන බවත් වත්මන් නිවාස, සමෘද්ධි හා දිවි නැඟුම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ හදවතට එකඟව එවැනි ස්ථාවරයක පිහිටා සිටිමින් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya