ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු සංයුතිය පිළිබඳ පැහැදිලි කරගන්නවා

    පෙබරවාරි 23, 2015
    වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ රටේ ජනතාවට ප්‍රහේලිකාවක් පවතින බවත් රජයත් සමඟ සිටින්නේ කවුද විපක්ෂයේ සිටින්නේ කවුරුන් ද යන්න නුදුරේ දීම පැහැදිලි කර ගන්නේ යැයි නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා නැගෙනහිර පළාතේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා නැගෙනහිර පළාතේ ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ සඳහා බස්රථ බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී නැගෙනහිර පළාත් ඩිපෝ 10ක් සඳහා බස්රථ 28ක් බෙදාදෙන ලදී.
     
    ජනතාවගේ ගැටලු විසඳීම සඳහා මෙම දින 100 ඇතුළත මේ රටේ ඇති කිරීමට යෝජනා කළ වෙනස යහ පාලනය තුළින් ගොඩනගා නැවතත් ජනතාවගේ තීරණ ලබා ගන්නට බලාපොරොත්තු වෙන බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය එච්. නසීර් අහමඩ් මහත්වරු ඇතුළු පළාතේ සභාවේ සෙසු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya