ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    "සහන දිරිය" තිස්සමහාරාමයට

    පෙබරවාරි 25, 2015
    තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 182ක් සඳහා "සහන දිරිය" ව්‍යාපෘතිය යටතේ රුපියල් 100,000 බැගින් අඩු පොළී ණය ලබාදීම නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් අනතුරුව ලුණුගම්වෙහෙර, සූරියවැව කොට්ඨාසවලත් හම්බන්තොට නගරයේත්, අම්බලන්තොට සහ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත් මෙම ණය ලබාදීමේ වැඩසටහනින් ආවරණය කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසු ව තංගල්ල, අඟුණකොළපැලැස්ස ආවරණය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්ය පුරා ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුනි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ණය ලබාදීම වෙනුවෙන් දෙබරවැව මණික් රජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
     
    අධිවේගී මාර්ග දිගු කිරීම, මාර්ග කොන්ක්‍රීට් කිරීම, ගුවන්තොටුපොළ සක්‍රීය කිරීම, වරාය පුළුල් කිරීම දින 100 වැඩසටහනට අයත් නොවේ. ඉලක්කය වන්නේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කර මුදල් පසුම්බිය පිරෙන වැඩපිළිවෙළක් සඳහා ප්‍රමුඛතාවය ලබාදීමටයි. එළැඹෙන කාන්තා දිනයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාන්තාවන් 10,000කට රුපියල් 100,000 බැගින් ණය ප්‍රදානය කිරීමට ද සැලසුම් කොට ඇත. ඉන් පසුව මෙම වැඩපිළිවෙළ දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 
     
    දිස්ත්‍රික්කයෙන් තෝරාගත් තරුණයන් 30දෙනෙකු නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය යටතේ ඇති යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවෙන් නොමිලේ බර වාහන යන්ත්‍රෝපකරණ පුහුණුව ලබාදීමට කටයුතු කෙරේ. එහි මූලික පියවරේ දී එක් අයෙකු වෙනුවෙන් රුපියල් 45,000ක් වැය කරන අතර ම දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 150දෙනෙකුට ඒ සඳහා අවස්ථාව හිමි වේ. දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ම 200 බැගින් තෝරාගෙන තරුණයන් 2400කට නොමිලේ රියදුරු පුහුණුව හා බලපත්‍ර ලබාදීමට ද කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල සැපයුම් යෝජනා ක්‍රම දීර්ඝ කිරීම සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙස ජල සම්පාදන අංශ වෙත අමත්‍යවරයා දැනුම් දී ඇතැයි ද කී අමාත්‍යවරයා ඒ සඳහා දැනට රුපියල් ලක්ෂ 500ක් වෙන්කරගෙන තිබෙන අතර ම විස්තර ලැබී ඇති ජල ව්‍යාපෘති 74ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 300ක් වෙන් කර අවසන් බවත් පැවසීය.
     
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 700කට පමණ දිවා ආහාරය පසුගිය කාලයේ දී ලබා දුන් නමුත් එම වැඩපිළිවෙළ මේ වන අවසන් ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මාර්තු 01දා සිට පාසල් 15කට අයත් දූ දරුවන් 19,000කට පමණ දිවා ආහාරය ලබාදීමටත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 770ක් වෙන් කොට ඇති බවත් වැඩිදුරටත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya