ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය ළමා සංවර්ධන කටයුතු විධිමත් කෙරේ

    පෙබරවාරි 25, 2015

    නුවරඑළිය දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව ඊයේ (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය. මෙය 2015 වර්ෂයේ ප්‍රථම දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවයි. 2015 වර්ෂය සඳහා යෝජිත ළමා සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාරාංශගත කිරීම මෙහිදී සිදු විය. ජාතික ළමා රක්ෂණ අධිකාරිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙම කමිටුව පැවැත්විණි.

    මෙහිදී අධ්‍යාපනය, පෝෂණය, රැකවරණය, සෞඛ්‍ය සහ සාරධර්ම යන මාතෘකා 05 යටතේ වර්ෂයේ වැඩසටහන් සංවිධානය සිදු කරන බව නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මිය සඳහන් කළා ය. එමෙන් ම දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන කටයුතු වෙනුවෙන් සේවයේ නිරතවන නිලධාරීන්ගේ පෞද්ගලික දත්ත පද්ධතියක් යාවත්කාලීන කිරීමට ද මෙහි දී යෝජනා විය. එමඟින් වඩාත් විධිමත්ව ප්‍රදේශයේ දරු දැරියන්ගේ සුරක්ෂිත කටයුතු අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය විමසීම වඩාත් පහසු වේ.

     

    මේ අවස්ථාවට පොලිස් නිලධාරීහු, රාජ්‍ය නොවන ආයතන නිලධාරීහු, වෛද්‍ය වෘත්තිකයෝ, පරිවාස නිලධාරීහු සහ අධ්‍යාපන නියෝජිතයෝ රැසක් ද සහභාගී වූහ.

    MAP/SH_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya