ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මැදරිගිරිය හා විජයරාජපුර දරුවන් වෙනුවෙන් ප‍්‍රාථමික පාසලක් ඉදිකිරීමට පියවර

    මාර්තු 01, 2015
    මැදරිගිරිය හා විජයරාජපුර ග‍්‍රාමසේවා නිලධාරී කොට්ඨාසය තුළ වෙසෙන දරුවන් ප‍්‍රාථමික පාසලක් නොමැතිවීම හේතුවෙන් විදි පීඩාවන් සැලකිල්ලට ගනිමින් එම දරුවන් සඳහා ප‍්‍රාථමික විද්‍යාලයක් ඉදිකිරීමට වහාම පියවර ගන්නා ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
     
    මේ පිළිබඳ ව පසුගියදා පැවති රැස්වීමේදී අදාළ ගොඩනැගිල්ල සඳහා මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අක්කර එක හමාරක් පමණ වූ රජයේ ඉඩමේ 90X25 දෙමහල් ගොඩනැගිල්ලක් සහ පරිපාලන කාර්යාලයක් ඉදිකිරීමට පියවර ගන්නා ලෙස ද ප‍්‍රධාන අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
     
    මේ සඳහා ඉඩම් වෙන් කිරීම්, ඉදිකිරීම් හා අනෙකුත් අවශ්‍යතා කඩිනමින් ඉටුකර දෙන ලෙසත් 2016 සඳහා සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය පරිදි අදාළ කාර්යය නිමකළ යුතු බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවැසීය. මෙම නව විදුහල ඉදිවීමත් සමඟ මැදිරිගිරිය රෝහල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රජයේ කාර්යාලවල සේවකයන්ගේ දරුවන්ට මෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ දරුවන්ට විශාල සේවාවක් සැලසෙන බව ප‍්‍රදේශවාසීහු පවසති. මුල්ම අවස්ථාවේ මෙම විදුහලට දරුවන් 100කට වැඩි සංඛ්‍යාවක් බඳවා ගැනීමට අපේක්‍ෂා කෙරේ. මෙය වසර ගණනක් තිස්සේ ප‍්‍රදේශවාසීන් හා එම ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් විසින් කළ ඉල්ලීම් අනුව මෙම විද්‍යාලය ඉදිකිරීමට කටයුතු කිරීම ගැන ප‍්‍රදේශවාසීන් ප‍්‍රධාන අමාත්‍යවරයාට ප‍්‍රශංසා කරන ලදී. 
     
    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී ජී.ජී. චන්‍ද්‍රසේන, පළාත් සභා විපක්‍ෂ නායක සිඩ්නි ජයරත්න, ප‍්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහත්වරු ඇතුළු නිලධාරීහු, ප‍්‍රදේශවාසීහු රැසක් ද සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya