ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ටයිකෝ අකිමොටෝ එස් 5 සම්මානය ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමට

    මාර්තු 03, 2015

    "ටයිකි අකිමොටෝ එස් 5 සම්මාන උළෙලේදී’’ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබලත ම ව්‍යාපාරික ආයතන කිහිපය අතුරින් එකක් ලෙස ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සේවා සැපයුම්කරුවා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉහළ පිළිගැනීමකට ලක් විය.

     

    මෙහිදී ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත පිදුණු සම්මාන කිහිපයක් මෙසේය, මහා පරිමාණ සේවා අංශය යටතේ කුසලතා සම්මානය, හොඳම ප‍්‍රයත්න - ආයතනික සමාජ වගකීම් 2014 -‘‘පෞද්ගලික/රාජ්‍ය හවුල්කාරිත්වය’’ යටතේ කුසලතා සම්මානය සහ සුළු පරිමාණ සේවා කාණ්ඩය යටතේ හලාවත, කෝට්ටේ හා කුරුණෑගල ප‍්‍රාදේශීය විදුලි සංදේශන කාර්යාල වෙත පිරිනැමුණු අනුකූලතා සහතික තුන ඒ අතර විය. මෙවර ටයිකි අකිමොටෝ එස් 5 සම්මාන උළෙල පැවැත්වූයේ ජපන් ශ‍්‍රී ලංකා තාක්‍ෂණික හා සංස්කෘතික සංසදය විසිනි.
     
     
    ටයිකි අකිමොටෝ වාර්ෂික එස් 5 සම්මාන උළෙල යනු ව්‍යාපාරික සමාගම්වල සමස්ත කාර්යසාධන විශිෂ්ටතා ව ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජපන් ශී‍්‍ර ලංකා සංස්කෘතික සංසදය විසින් සංවිධානය කරනු ලබන්නකි. ජපන් එස් 5 සංකල්ප වෙත සමීප අවධානය යොමු කරමින් මෙම ඇගයීම සිදු කෙරේ.
     
     
    ‘‘මෙම තරගාවලිය නිසා සමාගමේ සේවකයන් අතර සිය සේවා ස්ථානයේ බාහිර පෙනුම, ඵලදායීතාව හා ආකල්ප විෂයික කැපීපෙනෙන වෙනසක් දැකිය හැකි වුණා. එස් 5 සංකල්ප සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කිරීම තුළින් අපගේ ආයතනික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හේතු වන ආකාරයේ ධෛර්යයක් හා විශ්වාසයක් ඔවුන් තුළ ඇති වූ බව අප හොදාකාරව ම දුටුවා’’ යැයි ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා පැවසීය. වැඩිදුරටත් ඒ මහතා පළ කළ අදහස් මෙසේය. ‘‘අප විසින් දෛනිකව ඉටුකරනු ලබන රාජකාරී කටයුතු කෙරෙහි පූර්ණ වටිනාකමක් ලබා දෙන අතර ම අපගේ සේවා ස්ථානය පෙරටත් වඩා කාර්යක්ෂම ස්ථානයක් බවට පත්කිරීම සඳහා කළමනාකාරීත්වය මෙන්ම අනෙකුත් කාර්යමණ්ඩල ද එක සේ කැප වී කටයුතු කළ බව කිව හැකියි.
     
     
    මෙහිදී අපගේ සේවක මහත්ම මහත්මීන් කෙරෙන් අප දුටු කැපවීම හා දැඩි උනන්දුවක් ඇත්ත වශයෙන් ම අප සියලු දෙනා ම දිරිමත් කරන්නක්. සමස්ත ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ම අභ්‍යන්තර ක‍්‍රියාවලීන් හා භාවිතයන් ඵලදායීතාව හා කාර්යක්‍ෂමතාව ඉහළ නැංවිය හැකි පරිදි දැවැන්ත පරිවර්තනයකට ලක් වී ඇති බව නොරහසක්. අපගේ සමාගම් සමූහය සෑම විට ම තරගකාරීත්වයෙන් ඉදිරියට ම පත්ව තිබෙන බව සහතික කිරීම සඳහා උපායමාර්ගික ක‍්‍රියාදාමයක් වශයෙන් මූලිකව ම සේවා, මෙහෙයුම්, ජාලය හා සහයෝගී උපායමාර්ග යන ඉලක්ක හතර වෙත අවධානය යොමුව පවතිනවා. ඉතාම සිත්ගන්නා සුළු සේවා ආශ‍්‍රිත වැඩිදියුණු කිරීම් සමඟින් ඉහළ මට්ටමේ ව්‍යවසායික පාරිභෝගිකයන්ගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ හා ගෘහස්ත පාරිභෝගිකයන් දක්වා ම වන සියලු පිරිස් වෙත ලබා දෙන සේවාවන් සියල්ල ම වෙනුවෙන් හොඳම ක‍්‍රමවේද හා භාවිතයන් යොදා ගැනීමෙන් අපගේ වටිනා පාරිභෝගික භවතුන් පෙරටත් වඩා සතුටට පත් කළ හැකි බවයි මගේ එකම විශ්වාසය’’. ඉහළ පරිපාලනයේ නිරන්තර කැපවීමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම තුළ පරිවර්තනීය වෙනසක් උදා කිරීමට හේතුපාදක වෙමින් සමාගම පුරාම විහිදී යන පරිදි විවිධ කාර්යයන් නියෝජනය කරන කණ්ඩායම් බිහි කර තිබෙනවා’’.
     
     
    ‘‘ඵලදායීතාව වෙත සුබවාදී බලපෑම් ඇති කිරීම හා සමාගමේ අවසන් ප‍්‍රතිඵල වැඩිදියුණු කිරීම සම්බන්ධ කාර්යක්‍ෂමතාව ඉහළ නංවමින් ‘වෙනසේ අවශ්‍යතාව’ හා ‘වෙනසට නායකත්වය දීමේ’ කාලීන අවශ්‍යතාව මැනවින් තේරුම් ගෙන එකාවන් ව කටයුතු කළ සමස්ත ශ‍්‍රී ලංකා ටෙලිකොම් කාර්යමණ්ඩලය වෙත මගේ හෘදයංගම ස්තූතිය පිරිනැමෙනවා. අප සමාගමේ සේවකයන්ගේ සැඟවුණු දක්‍ෂතා පෙරට ගෙන ඔවුන්ගෙන් ඵලදායී අදහස් රැස්කර ගනිමින් අපගේ ව්‍යාපාරික ගමනෙ හි විවිධ ක‍්‍රියාවලීන් සාර්ථක කර ගැනීමට හේතු වූ එම වටිනා අදහස් ක‍්‍රියාත්මක කිරීමට මට හැකියාව උදා කළ මගේ කණ්ඩායම නිරන්තර පැසසුමට ලක් කළ යුතුයි. ඉදිරි වසරවලදී ද මෙම උනන්දුව නොනැසී පවත්වා ගනිමින් ඉහළ කාර්යය සාධනයක් සහිත සමාගමක් බවට පත්වීමේ ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් සෑමවිට ම කැප වී කටයුතු කරන ලෙස ඔබ සියලු දෙනා දිරිමත් කරන්නට මා කැමතියි’’. 
     
     
    ‘‘සේවක කැපවීම හා බැඳීම වෙත වර්තමානයේ  ඕනෑම ව්‍යාපාරික සමාගමක ප‍්‍රමුඛතා අතර ඉහළ ම ස්ථානයක් හිමි විය යුතු බව පිළිගනිමින් තිබෙන කරුණක්. දින දින වර්ධනය වන ආර්ථික පසුබිම තුළ ඉහළ කාර්ය සාධනයක් සහිත සේවක බලකායක් බලාපොරොත්තු වීම ව්‍යාපාරික නායකයන් නිරන්තරයෙන් ම සිදු කරනු ලබන්නක්. සෑම විටම සමාගම වෙත කැප වීමෙන් කටයුතු කරන සේවක බලකායකට, අතිශයින් ම තරගකාරී වෙළෙඳපොළවල් අත්කර ගැනීම හා රදවා ගැනීම වෙනුවෙන් සිදු කළ යුතු වන වියදම් පහත හෙළන අතර ම නවෝත්පාදනය, ඵලදායීතාව හා අවසන් ව්‍යාපාරික ප‍්‍රතිඵල ආදිය වර්ධනය කිරීම පහසුවෙන් සිදු කළ හැකි බව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම බොහෝ කලකට පෙර වටහා ගත් කරුණක්. එමෙන්ම, සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම වෙත ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාප්ත කිරීමේ ජාතික ඉලක්කයට ද ඔබින පරිදි අප සමාගමේ උපාය මාර්ගික ප‍්‍රතිපත්ති සකසා තිබෙනවා.’’
     
     
    ‘‘වසර 150කට අධික කාලයක් ශ‍්‍රී ලංකාවේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා ජනයා යා කරමින් ලැබූ අත්දැකීම් නිසා ම ශ‍්‍රී ලාංකික ජන ජීවිත - දේශීය අභිමතාර්ථ හා බලාපොරොත්තු පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් අප සමාගම සතු වනවා. මහජනයාට අදාළ සේවා ලබා දෙන වැදගත් ව්‍යාපාරික සමාගමක් ලෙස නොවෙනස්ව කටයුතු කිරීම කෙරෙහි අප සෑම විට ම වැඩි අවධානයක් යොමු කරන හේතුව මෙයයි. කෙටියෙන් කියන්නේ නම්, අපට අවශ්‍ය, ‘ස්වයං-බුද්ධියකින්’ වෙනස්වීමට කැමති හා එසේ කිරීමේ හැකියාව ඇති සමාගමක් ලෙස කටයුතු කිරීමයි.
     
    SDF/EB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya